IMG-LOGO

‘‘සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න‘‘

(නිමල කොඩිතුවක්කු)

අවම සේවක සංඛ්‍යාවක් යොදවමින් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි සමස්ථ ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලිමක් කරයි.

කොරෝනා රෝගය හේතුවෙන් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ලිපියක් යොමුකරමින් ඔවුන් මෙම ඉල්ලීම් සිදුකරනු ලබයි.

හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ ආර්ථික සුරක්ෂිතතාවයද ඇති කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම,  ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවලින් 1/3 ක් හෝ ප්‍රමාණවත් අවම ප්‍රමාණය පමණක් යෙදවීම, හෙද හෙදියන්ගේ හා කාර්ය මණ්ඩලවල ණය වාරික අයකරගැනීම මාස 06 කට අත්හිටුවීම, මතුව ඇති ප්‍රවාහණ ගැටලු නිරාකරණය කිරීම, ප්‍රවාහන ගැටළු නිසා සේවයට පැමිණීමට නොහැකිව සිටින හෙද හෙදියන්ට රාජකාරී නිවාඩු ලබා දීම, ගර්භණී කාර්ය මණ්ඩල සඳහා රාජකාරී නිවාඩු ලබාදීමට කටයුතු කිරීම එම ඉල්ලිම් අතර වේ.

 



අදහස් (2)

‘‘සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න‘‘

LASANTHA Tuesday, 24 March 2020 09:50 AM

ගරු සබාපති මැදිවත්ත මහතා ඇතුළු සමස්ථ ලංකා හෙද සංගමයට අපගේ ප්‍රණාමය...

:       0       2

Don Tuesday, 24 March 2020 10:32 AM

මේ වෙලාවේ ඔවුන්ගේ ආරක්ෂාව ගැනත් අවධානය යොමු කල යුතුමයි. අත්‍යාවශ්‍යම ආරක්ෂිත ඇඳුම් මුහුණු ආවරණ සහ අත් සේදුම් දියර බොහෝ තැන්වල මේ වන විටත් නෑ. ඔවුන් තමන් විසින්ම ඒ ඇදුම් සකස් කරගන්නේ රාජකාරි වේලාවේදීම රෝහල් තුලමයි.. මාධ්‍යවේදීන් ඉදිරියේ ඇමතිවරිය සහ ඉහල බලධාරීන් සියල්ල සපයා ඇති බව පුන පුනා කීවත් සැබෑ තත්වය මෙයයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 43 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 34 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site