(විනීතා එම් ගමගේ)
නැවත පාසල් ආරම්භ කිරීම අදියර කිහිපයකින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති පියවර නිසා මව්පියන් හා ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
විශේෂයෙන් අපොස උසස් පෙළ විභාගයට ලබන වසරේ පෙනී සිටින දරුවන් මේ වනවිට 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් මේ වනවිටත් මාස හතරකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු අතපසු වූ මේ සිසුන් ද පාසලට ලමුන් ගෙන්වන පළමු අදියරේ දී ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුව තිබුණේ යැයි ද ජයසිංහ මහතා කීය.
එමෙන්ම එකිනෙකට වෙනස් වේලාවන්හිදී පාසල අවසන් කිරීමට ගෙන ඇති තීරණය නිසා ද දරුවන් හා ඔවුන් පාසලෙන් යලි නිවසට ගෙන යන මව්පියන් මෙන්ම දරුවන් ප්‍රවාහනය කරන වාහන ද අසීරුතාවයට පත්ව සිටින්නේ යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
තම දරුවන් වෙනත් පාසල්වල ඉගෙන ගන්නා ගුරුවරුන් ද අපහසුතාවට පත්ව සිටින්නේ යැයි පෙන්වා දුන් මහින්ද ජයසිංහ මහතා වෙනස් වෙනස් වේලාවල පාසල ඇරෙන මුත් පාසල් වෑන් රථ හෝ සිසුසැරිය ඒ ඒ වෙලාවන්හි ක්‍රියාත්මක නොවීම නිසා දරුවන් පාසලේ සිට නිවසට ගෙන්වා ගැනීම මව්පියන්ට ප්‍රශ්නයක් වනු ඇතැයි ද කියා සිටියේය.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පලකළේ බත්තරමුල්ල කොස්වත්ත පිහිටි එම සංගමයේ ප්‍රධාන කාර්යාලයේ අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා කියා සිටියේ පාසල් යලි විවෘත කළේ යැයි යන මානසිකත්වයෙන් රටේ ජනතාව මත ආරෝපනය කරවීමේ හුදු දේශපාලන මනෝභාවයකින් පෙළෙන ආණ්ඩුව පාසල් දරුවන්ගේත් මව්පියන්ගේත් අපහසුතාවයන් හා පීඩාවන් නොසලකා කටයුතු කර ඇති බවට පාසල් යලි විවෘත කිරීමට ගෙන ඇති තීරණවල තිබෙන ගැටලුකාරී තත්ත්වයන් බොහෝ ඇති බවය.
තවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලතින් ඇමරිකානු හා දකුණු ආසියානු කලාපයේ කොවිඞ් 29 වසංගතය ව්‍යාප්තියේ අවදානම මෙන්ම අනතුරු දායක බව ඉදිරියේ දී තවදුරටත් වර්ධනය විය හැකි බව පෙන්වා දී ඇති බැවින් වගකීම් විරහිත බව හා නොසැලකිලිමත් බව පිළිබඳව තම සංගමයේ විරෝධය දන්වමින් අමාත්‍යවරයා වෙත ලිපියක් යැවූ බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයකට එරෙහි විම ඔවුන්ගේ සිරිතය.
දැනෙන විදියට ටියුෂන් කාරයෙක් කතා කරලා වගේ... ඉස්කෝල 3:30ට අැරෙනකොට ගුරුවරුත් ඉන්න එපෑයැ. ඔක්කොම පන්ති පටන්ගෙන 3:30 වෙනකම් තිබ්බොත් මේ මහත්තයා මොනවා කියයිද දන්නේ නෑ.
ඕනම අලුත් දෙයකට හුරු වීමට කාලය අවශ්‍යයි. එතෙක් ඉවසන්න. රට ක්‍රමානුකූලව යථා තත්වයට ගැනීමට මේ ගන්නා උත්සාහය ගැන සතුටු වන්න. අගය කරන්න.
එහෙනම් ඔය කැමැති විදිහ කියන්නකෝ සලකා බලන්න.
ඡන්දේ කිට්ටු වුණා විතරයි ළමයි ටික මතක් වෙලා..
විවිධ වේලාවල පාසල් අරින්නේ සමූහ වශයෙන් දරුවන් එකතුවීම වැළැක්වීමේ කොරෝනා මූලධර්මය අනුගමනය කිරීමට මිස ප්‍රවාහන දුෂ්කරතා සලකා බැලීමට නොවෙයි. වෙනදා වගේ සියලුම දරුවන් කිටිකිටියේ වෑන් රථවල ප්‍රවාහනය කළ නොහැකියි. මේ තත්වය කොරෝනා පහවනතුරු මාස කීපයක් අනුගමනය කරන්න සිදුවේවි...
මාසගාණක් නිකන් පඩිදුන්නා මදිවෙන්න ඇති.
දැන්වත් ගමේ ළමයින්ට ගමේ පාසල් ටික ඇරලා දීපල්ලා. එහෙම කළා නම් අද ඔක්කොම පාසල් ඇරලනේ. මොකටද පොඩි එවුන් බස් වලින් සැතපුම් ගණන් යවන්නේ.
මේ රටේ බොහෝ ආණ්ඩුවල මා දුටු දෙයක් තමයි බොහෝ විට ඇමතිකම් දෙන්නේ එම ඇමතිලා නොදන්නා විෂය ක්ෂේත්‍ර. ගිය රජයේ මුදල් ඇමැතිකම දුන්නේ මංගලට. ඔහු ඉගෙනගෙන තියෙන්නේ රූපලාවන්‍යය. නියමෙටම මුදල් ඇමැතිකම කරන්න පුළුවන් සුදුසුකම් ආචාර්ය හර්ෂ පැත්තක. මේ රජයේ දොස්තර රමේෂ් පතිරණට සුදුසු සෞඛ්‍ය ඇමතිකම නීති ක්ෂේත්‍රයේ කෙනෙකුට. තවත් උදා. බොහෝය. මේ ක්‍රමයේ භයානකම ප්‍රතිඵලය වන්නේ නොදන්නා දේ කරන්නට යන ඇමතිලා තනිකරම පිස්සු කෙලීමයි. මෙන්න මෙහෙම රටක තමයි අපි පිංකරලා ඉපදිලා ඉන්නේ ... අම්මපා ... කියලා වැඩක් නෑ ..
හැමදේම කොළඹ මිම්මෙන් හිතල මැනලා වැඩ කරද්දි ඔහොම වෙනවා. සමහර ළමයි ඉස්කෝලෙ එන්න පිටත් වෙන්නේ පාන්දර පහේ විතර ඉඳන්. ඒකත් අලි ඉන්න කැලෑ පාරවල් වලින් උදේම යන බස් එක අල්ල ගන්න. එහෙම ළමයින්ට ඔය කියන වෙලාවල් වලට පාසලට එන එකේ ප්‍රායෝගික ගැටළු තියෙනවා කියලා ඔය තීන්දු තීරණ ගන්න ඔලමොට්ටලයින්ට තේරෙන්නේ නෑ. ඒක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ.. ඊට උඩින් ඉන්න මැති ඇමතිලගේ හැටියට.. කොරෝනා වළක්වා ගන්න වැඩ කරන්න ඕනෙ තමයි හැබැයි ඒකට ගන්න තීන්දු ප්‍රායෝගික වෙන්න ඕනේ. කියපු විදියට දැන් කෝචිචිවල, බස්වල සෙනඟ ගෙනියන්නේ නෑ වගේ තමයි අනිත් දේවලුත්...
ලංකාවේ වෘත්තිය සමිතිකාරයින් පට්ට බොරුකාරයින්... බොරුවට කෑකෝගහන එක ඔවුන්ගේ රස්සාව... ඔය මාතර සත්‍යපාල කියන විදියට ගමේ පාසල් නැවත ඇරපල්ලා. එතකොට බස්වලින් යන්න ඕන නැහැ. අද මේ පාසල් වනසපු දේශපාලුවොයි, නිලධාරියොයි ඔක්කොම ගිහින් තියෙන්නේ ගමේ පාසල්වලට තමයි. මතක තියා ගනිල්ලා අද රෝයල් කොලීජියේ ඉන්නෙත් මීට වසර 50කට විතර කලින් අමුඩ ගහපු අයගේ දරුවන් බව. ඔබ ජාතික, අවජාතක, ජනප්‍රිය පාසල් නවත්තලා ගමේ පාසල් නැවත පටන් ගනිල්ලා. ඒක නොකර බොලාට වෙන මොකවත් විසඳුමක් නැහැ.
අමරසේන මහත්තය කියන කථාව සම්පූර්ණ ඇත්ත.
මෙතෙක් රටට කෙල වුනේ ජනප්‍රිය තීරණ ගන්න ගිහින් තමා.
අමරසේන මහතාගේ කතාව ඇත්ත. ඒ වාගේම ජනතාවගේ පැත්තේ ගැටලුවකුත් තියෙනවා. මගේ ගමේ පාසලෙත් කියන්න තරම් අඩුවක් නැහැ. ඒත් ඒකට 1 ශ්‍රේණියට ළමයි භාර දෙන විට ගමේ රජයේ සේවකයින් සහ තරමක් සල්ලි බාගේ තියෙන අය වෙනත් පාසල්වලට තමයි යවන්නේ. රජයේ සේවකයින්ගෙන් මමයි තව අතිරේක ලේකම් කෙනෙකුයි විතරයි මම දන්න විදිහට ගමේ පාසලට ළමයි බාර දුන්නේ. අපි දෙන්නාගේම ළමයි උසස් ලෙස ශිෂ්‍යත්වය සමත් උණා. ඊට පස්සෙවත් අනෙක් අය බාර දුන්නේ නැහ ළමයි. ජනතාවගේ මානසිකත්වේත් එහෙම තමයි. හැමෝම හිතනවා ළග පාසලට වඩා මොකක් හරි දුර පාසලේ ඇති කියලා. බල්ලෝ දෙන්නෙකුට පිගන් දෙකකට බත් දුන්නමත් ඔහොමයි. හැම බල්ලාම හිතනවා තමන්ගේ පිගානට වඩා අනෙකාගේ පිගාන රහ වැඩී කියලා.