
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උණ ඇතුළු කොවිඩ් ලක්ෂණ ඇති බව දැන දැනත් පාර්ලිමේන්තුවට පැමිණ එහි අංශ ගණනාවකට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි පැවසෙන කොවිඩ් ආසාදිත සේවකයකුට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ පිරික්සුම් අංශයක සේවය කරන මේ සේවකයා පසුගිය දිනෙක මුහුණ රතුවී තවත් විවිධ ලක්ෂණද සහිතව ඉතා අපහසුවෙන් සිටිනු දැක ඇති සහෝදර සේවකයන් ඒ ගැන ඔහුට පවසා කොවිඩ් පරීක්ෂණයකට වහාම යොමු වන ලෙස දැනුම්දී ඇත. මේ අවස්ථාවේදී ඔහු "මට ඇති ලෙඩක් නැහැ. ලෙඩ තියෙන්නෙ උඹලටයි." යනුවෙන් පවසමින් බැන වැදී ඒ සේවකයන් වරින් වර බලහත්කාරයෙන් වැළඳ ගෙන ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ දැනුම් දීම අනුව ඔහු කොවිඩ් පරීක්ෂණයකට යොමු කිරීමට පසුව පියවර ගෙන ඇත. ඔහුට කොවිඩ් ආසාදනයවී ඇතැයි එම පරීක්ෂණයේදී තහවුරු වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සේවකයා වැළඳගත් සේවකයා ඇතුළු එම අංශයේ තවත් සේවකයන් පස් දෙනෙකුටද කොවිඩ් වැළඳී ඇති බව පසුව අනාවරණයවී ඇත.
සේවකයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා එම අංශයේ සේවකයන් අතරේ කොවිඩ් පැතිර යන්නට ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු විශ්වාස කරති.
පාර්ලිමේන්තුවේ කොවිඩ් පාලනයට වේත්‍රධාරිවරයා දැඩි පරිශ්‍රමයක් දරන අවස්ථාවක ඇතැම් සේවකයන් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම ගැටළු සහගත බව ඒ නිලධාරීහු ප්‍රකාශ කරති.
මේ සේවකයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ සිය පවුලේ සාමාජිකයන්ද උණ වැළඳී නිවෙසේ සිටියදී බව දැනගන්නට ඇත.
කොවිඩ් වැළදී ඇතැයි තහවුරු වීමෙන් පසු සේවකයා නිවෙසට පිටත්කර යවා ඇති අතර ඔහු නිවෙසට ගිය පසුවද එළවළු මිලදී ගැනීම සඳහා පොදු වෙළෙඳ පොළට ගොස් සිටියදී ගම්වාසීන් දැක පැමිණිලි කිරීමෙන් පසු සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් ඔහු නිරෝධායනයට නැවත යොමු කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් විනය පරීක්ෂණයක් තබා වැරැදිකරු නම් සේවයෙන් පහකරන්න. කාලෙකට ඉස්සර පාරේ මාස්ක් නොදා හිටපු මිනිස්සුත් උස්සගෙන ගොස් සති 2න් නිරෝධායනය කළා.. හැමෝටම ආදර්ශයක් වෙන්න මොහුට උපරිම දඬුවමක් දෙන්න. නැතිනම් මේ රට හදන්න බෑ. මිනිස්සු සර්ට ඡන්දෙ දුන්න ප්‍රධානම හේතුවක් තමයි රජයේ සේවකයින්ගේ විනය සෑදීම... සර් ක්‍රියාත්මක වෙන්න...
අපිට එන්නත් කාඩ්පත ගෙනයාමට කියන ගමන් රටේ රාජ්‍ය සභාවට පැමිණීමෙදි අවශ්‍ය නැහැ එහෙම වෙන්නෙ ඇයි
දඩයක් ගහලා වැඩ තහනම් කරන්න අනිත් අයටත් ආදර්ශයක් වෙන්න..
ඇයි පාර්ලිමේන්තුවේ සේවකයන් නැතුව දේශපාලකයින්ව බදාගත්තේ නැත්තේ..? එහෙම කළා නම් අද ජාතික වීරයෙක් වෙන්න තිබුණා...
ඔන්න ඔහොම තමයි රජයේ සේවකයින් හැසිරෙන්නේ. ඕක රජයේ සේවකයින්ට පොදු ලක්ෂණයක්...!
බලන්න මෙයා මොන දේශපාලන පක්ෂයක කෙනෙක්ද කියලා..? සමහරවිට කඩාකප්පල් කාරයෙක් වෙන්න ඇති..
අනේ මල්ලි.. ඔයා වැරැදි අයවනේ වැළඳගෙන තියෙන්නේ... යන්න තිබුණේ සභා ගැබට.. එතැන තමයි උණුසුම් වැළඳ ගැනීමට සුදුසු අය ඉන්නේ...
පාර්ලිමේන්තුවේ නිසා දැඩි අවවාද ..! අපි කරා නම් හිරේ..!