IMG-LOGO

60 පැන්න 166 ක් කොරෝනාවෙන් දිවිය හැරයති

(ළහිරු හර්ෂණ සහ ඩිල්ශානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මිය ගිය ආසාදිතයන්ගෙන් වැඩි ම පිරිස වයස අවුරුදු 60ත් 90ත් අතර අය බව, සංඛ්‍යා දත්ත අනාවරණය කරයි. ඒ අනුව, එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් 166දෙනෙකු අද(17) උදෑසන වනවිට මියගොසිනි. එය ප්‍රතිශතයක් වශයෙන් 64.84 % කි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 256ක් බව කෝවිඩ් -19ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය(අද උදෑසන 7.44ට) වාර්තා කර තිබේ. ඒ අතරින් පිරිමි පුද්ගලයන් 164දෙනෙකු වන අතර, ස්ත්‍රීන් 92කි. 
 
මිය ගිය ආසාදිතයන් වයස් කාණ්ඩ අනුව හඳුනාගතහොත්(වගු සටහනේ දැක්වෙන පරිදි), වයස අවුරුදු 1 සිට අවුරුදු 40 දක්වා මිය ගිය ආසාදිතයන් ගණන 11කි. අවුරුදු 40 සිට  60 දක්වා මිය ගිය ආසාදිතයන් ගණන 73කි. අවුරුදු 90ත් 100ත් අතර වයස්වලින් මිය ගිය අය 6කි. මේ අනුව කොරෝනා වයිරසයෙන් මියයාමේ වැඩි අවදානම ඇත්තේ අවුරුදු 60න් ඉහළ පිරිස බව පැහැදිලි ය.

එසේම, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ්-19 මරණ ගණන 11ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන දෛනික වාර්තාවේ සඳහන් කරයි.  ඉන්දියාවේ එම ගණන 109කි. දකුණු ආසියානු කලාපය සලකා බලතොත්, ජනගහනය මිලියනයකට ආසාදිතයන්ගේ මරණ ගණන 93ක් වෙයි. 

ගෙවී  ගිය සතිය තුළදී (ජනවාරි 11 දින සිට අද(17) දක්වා)  රෝහල්වල රැඳී සිට තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ගණන 6618 සිට 7311 දක්වා ඉහළ ගොස් තිබේ. දැනට රෝහල්වල් සිට ප්‍රතිකාර ලබමිස් සිටින සමස්ත ආසාදිතයන් පිරිස ප්‍රතිශතයක් වශයෙන් 14.0%කි.

එම කාලය තුළ වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන 569 සිට 719 දක්වා සංඛ්‍යා අගයක් ගනී. වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, ජනවාරි 11 වැනිදාය. එම ගණන 766කි. එම සතියේ සෙසු දිනවල එම අගය 400න් ඉහළ අගයක් පෙන්නුම්  කරයි. ඒ අනුව, මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 44,746කි. සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 85.5%කි.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරන ලද සමස්ත ආසාදිතයන් ගණන 52,313කි. එම පිරිසට මිනුවන්ගොඩ, පෑලියගොඩ, බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් ද ඇතුළත් ය.

(කෝවිඩ් -19ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියෙනි)

 

(වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයෙනි)

 



අදහස් (0)

60 පැන්න 166 ක් කොරෝනාවෙන් දිවිය හැරයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 366 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site