(තිලකරත්න දිසානායක)
ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවරගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
එම කාර්ය මණ්ඩලයෙහි කිහිප දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත අද (25) සවස කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කිරීමේදී ඉන් 10 දෙනෙකු ආසාදිතයින් බව හදුනා ගත් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
අද සවස එම ලියාපදිංචි කිරීමේ කාර්ය මණ්ඩලයෙහි 100 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
එම කාර්යාලයෙහි තවත් පිරිසක් ගම්පහ රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේ දී පස් දෙනෙකු ආසාදිතයින් බවට තහවුරුවී ඇත.
මේ අතර අද දිනය වනවිට ගතවු පැය 24 තුළ ආසාදිතයින් 13 දෙනෙකු ඇතුලුව කොවිඩ් 19 දෙවන රැල්ලෙන්, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව 603 දෙනෙකි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
15 කට කොරෝනා - ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය වසා දමයි