IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


11 වැනි කොරෝනා රෝගියාට එරෙහිව විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

11 වැනි කොරෝනා රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස වැඩබලන මහේස්ත‍්‍රාත් සී. ඒ. ධර්මතිලක මහතා ඉදිරියේ අද  (16) කරුණු වාර්තා කර ඇත.

”කොවිඩ් - 19 හෙවත් කොරෝනා” රෝග ලක්ෂණ වැළඳී ඇතැයි දැන දැනම එය වසන් කර එයට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියකට අදාළ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

1897 අංක 3 දරන රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥාපනතේ 4 සහ 6 වගන්ති ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ  262, 263, සහ 264 වගන්ති ප‍්‍රකාරව මෙම සැකකරුවන් දෙදෙනා වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ගල්කිස්ස පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ පීරිස් මාවත ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කොරෝනා වෛරසය වැළදී ඇතැයි මේ වන විට තහවුරු කරගෙන ඇති 45 හැවිරිදි 11 වැනි රෝගියාට සහ ඔහුගේ බිරිඳට එරෙහිවය.

 

 



අදහස් (6)

11 වැනි කොරෝනා රෝගියාට එරෙහිව විමර්ශනයක්

Raveendra Monday, 16 March 2020 01:12 PM

මිනිස් ආත්ම ලැබූ තිරිසනුන් හඳුනාගැනීමට ලැබීම එක අතකින් හොඳයි වගේම මෙවන් අය කුමට අපගේ මව්බිමේ ඉපදුණාද යන්නද ගැටලුවකි. උපරිම දඬුවම් ලැබේවා..!!! තක්කඩි සුදු කබා කාරයින් මෙවන් තිරිසනුන් වෙනුවෙන් ඉදිරිපත් වන බව නම් ඉතාම විශ්වාසයි.

:       109       204

Shan Monday, 16 March 2020 01:30 PM

ඔව් මේ නූගත් මිනිසුන් දෙදෙනාට නීතිය හරියටම කෙරෙයි. රවීලා එහෙම ලොකු වරදක් කළේ නැහැනේ... කොරෝනා ගැන කියා දීලා අවවාද කරනවා ඇරෙන්න මොනවද මේ කරන විකාර දේවල්...

:       404       297

thilak Monday, 16 March 2020 02:53 PM

මැණික් මුදලාලි කෙනෙක්, සල්ලි වලට නීතියත් නැවෙනවා

:       0       1

saman Monday, 16 March 2020 03:06 PM

රවීලා එහෙම ලොකු වරදක් කළේ නැහැනේ

:       51       0

Nihal Monday, 16 March 2020 03:40 PM

ආසාදනය වන අයට නීතියෙන් කටයුතු කරන්න ගියොත් ආසාදනය වන අය රෝහල් ගත නොවී නිවෙස් වලට වෙලා ඉඳියි. එහෙම උනාම තව දුරටත් රෝගය ව්‍යාප්ත වන බවයි මගේ අදහස

:       0       0

Mahee Monday, 16 March 2020 06:03 PM

නොදැන කළාද, දැන දැන කළාද කියන එක උසාවියේදී එළිවෙයි. නමුත් මොවුන්ට වඩා දැඩි දඬුවම් ලැබිය යුත්තේ දැන දැනම ලෙඩේ හංගාගෙන රටට රිංගන්න හැදු අර එයාපෝට් එකේ වීරයින් වෙන්න හදපු කට්ටියටයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site