මහින්ද නිශ්ශංක
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා හෙට (12) සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.
වැටලීම් වලින් අල්ලා ගන්නා වෙළදුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ.
මහින්ද නිශ්ශංක
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා හෙට (12) සිට වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.
වැටලීම් වලින් අල්ලා ගන්නා වෙළදුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ.
COMMENTS
හෙට සිට දන්නා හඳුනන අයට පමණක් සහල් විකිණෙන බව කරුණාවෙන් සලකන්න. කඩේ තිබෙන සහල් තමන්ගේ පරිභෝජනය සඳහා පමණයි.
කොයි කාලේ ඉදලද ඔය කතාව කියන්නේ ? නඩු දාපු කෙනෙක් හිටියොත් වහාම අටපට්ටමට කියන්න ඕනේ.
රජයට මාර මොලයක් තියෙන්නේ... මිනිස්සු කන්න නැතිව මරන්න හදන්නේ. පරිප්පු, සැමන් ගණන් අඩුකළා... අන්තිමට වුණේ සතොසෙත් හංගපු එක. අපිට සල්ලි වලටවත් හාල් ගන්න තැන් නැහැ. රජයක් තියේ නම් සල්ලි වලට බෙදන්න වැඩ පිළිවෙළක් හදන්න.
හාල් විතරක් නෙවේ. සියලුම දේ විකුණන්නේ ගිනි ගණන් වලට. පරිප්පු කිලෝව රුපියල් 200 යි. හාල්මැස්සෝ 500g 400 යි. විශ්‍රාමිකයන්ගේ වැටුප ගන්න ප්‍රවාහන පහසුකම් දෙනවා කිව්වා. ඒත් ග්‍රාමසේවකවත් දන්නේ නෑ ප්‍රවාහන පහසුකම් ගැන.
අනේ අයි මේ අහිංසක මිනිසුන්ගේ බදුමුදල් මෙන්ම වටිනා කාලය කාදමන්නේ මෙවන් " කාලකන්නි මුදලාලි හොරුන් " නිසා. ජිවිත කාලෙට වෙලදාම් කිරීමට නොහැකි වෙන ලෙස බලපත්‍ර අවලංගු කරන්න. උහුලන්නට බැරි ඇති විශාල දඩ මුදල් අයකරන්න. රජයේ බෝඩිමට බරපතල වැඩ ඇතිව ඇතුලට දාන්න. මේවාට නඩු පවරමින් කාලය නාස්ති කරමින් කළු සරොන් කාරයන්ගේ කෙස් පැලෙන ගොන් තර්ක වලට ඇහුම්කන් දෙමින් ක්‍රියා කිරීමෙන් කිසිදු පලක් නැත. මේවාට දැඩි දඩුවම් දියයුත්තේ ඉතාමත් කෙටි කාලයකදීය.
ඇත්ත. කලුකඩ මුදලාලිලා මේ වෙලාවේ බොරදියේ මාලු බානවා. බඩු හංගලා. එතකොට සාමාන්‍ය මිනිස්සු කන්නේ කොහොමද ? රජය මේවට මැදිහත්ව කටයුතු කළ යුතුයි. නැවත මේ වැනි ව්‍යසනයන්ට මුහුණ දුන්නොත් ඒ සදහා සැලසුම් සැදිය යුතුයි.