(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතේ වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සදහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බැව් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.
දැනට දකුණු පළාතේ වැඩිහිටි නිවාසවල ආහාර හිගයක් නොමැති බව පවසන දකුණු පළාත් පරිවාර කොමසාරිස්වරයා අවශ්‍යතාවය අනුව ප්‍රාදේශිය ලේකම්වරුන් සමග සාකච්ඡාකොට සතොස සමුපාකාර මගින් වියලි ආහාර ද්‍රව්‍ය තව සති දෙකකට ගබඩාකරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් දුන් බවද පවසයි.
එමෙන්ම වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් සදහා අවශ්‍ය ඖෂධ වර්ග ද ගබඩා කරගන්නා ලෙස උපදෙස් ලබා දි ඇති අතර අවශ්‍ය මුදල් සමාජසේවා දේපාර්තමේන්තු මගින් ලබාදෙන බවද පරිවාස කොමසාරිස්වරයා සදහන් කළේය.
දකුණු පළාතේ වැඩිහිටි නිවාස 49ක වැඩිහිටි පුද්ගලයින් 1600ක් සිටින බව පෙන්වා දෙන පරිවාස කොමසාරිස්වරයා කිසිදු බාහිර පාර්ශවයකට ඒ සදහා ඇතුල්විම තහනම් කොට ඇති බවද පවසයි.
COMMENTS
උතුරු පළාතේ ඉන්නේ මිනිසුන් නොවෙයිද ?
"නිලන්ති" ස්වයන් පාලනයක් ඉල්ලන උතුරට ඔන්න හොදම අවස්ථාව, පුලුවන්නම් රජයේ මැදිහත් වීමකින් තොරව වයිරසය පාලනය කරන්න කියන්න බලන්න. දකුණෙන් බෝකරේ නෑ, උතුරේ උන් වයිරසය අමු අමුවේම ආනයනය කලේ ස්විට්සර්ලන්ඩ් වලින්.