IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


නුවරඑළිය වසන්ත උත්සවය අගෝස්තුවේ

(ශාන්ත චන්ද්‍රසිරි)

 
කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවධානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය.
 
එහෙදී තවදුරටත් අදහස් දැක්වු  කරුණාරත්න මහතා මෙසේ කීය.
 
'2020 වසරේ නුවරඑළිය වසන්ත උත්සවය සඳහා නුවරඑළිය මහා නගර සභාව සුදානම් වුයේ 2019 වසරේ දෙසැම්බර් මාසේ සිටයි. රට තුල පැන නැගුනු විශේෂ තත්ත්වය හමුවේ එම උත්සවය තාවකාලිකව කල් දැමීමට තීරණය කරනු ලැබුවා.
 
ඉන් පසුව රටේ පවතින තත්ත්වය මත නුවරඑළිය නගරයේ සෞඛ්‍ය වැඩ සටහන්වලට මුල්තැන දෙමින් කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ට නගර සභාව මගින් වියළි ආහාර ද්‍රව්‍ය සහණදායි  මුදලට ලබාදීමේ වැඩ සටහන් රැසක් මේ වනවිට  ක්‍රියාත්මක කර තිබෙනවා.
 
රටේ පවතින මෙම අර්බුධකාරී වතාවරණය හේතුවෙන් නුවරඑළිය නගරයේ මහා පරිමාණ හෝටල්වල සිට කුඩා හෝටල් හිමියා දක්වා සියළු දෙනාගේම ආදායම් මාර්ග නැවතී ගොස් තිබෙනවා. ඔවුන් අපි ආරක්ෂා  කර ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩ සටහන් කීපයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වතුර බිල් පත්, වරිපණම් බිල් පත් වැනි ගෙවීම්වලින් භාගයක් පමණක් අය කර ගැනීමේ වැනි වැඩ සටහන් සිදු කිරීමට ඒ අනුව අපේක්ෂා කරනවා.
 
කොරෝනා මර්ධන කටයුතු හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්නාගෙන යාම වැනි රජයේ වැඩ පිළිවෙල පිළිබඳව සෑහීමකට පත්විය හැකියි.මහ නගර සභාවක් හා පළාත් පාලන ආයතනයක් වශයෙන් අපේ බලාපොරොත්තුව සියළුම ශක්තිය යොදවලා අපේ වියදම් අඩු කොට රජයට සහයෝගය දැක්වීමයි. මේ අවස්ථාවේ පළාත් පාලන ආයතනයක් වශයෙන් රජයට සහයෝගය දිය යුතුමයි. අපි ඒ දෙය නොපිරිහෙලා ඉටු කරමින් සිටින්නේ යයි පැවැසීය.



අදහස් (5)

නුවරඑළිය වසන්ත උත්සවය අගෝස්තුවේ

hemantha Thursday, 09 April 2020 08:57 AM

ගොඩක් සතුටුයි... සුබපැතුම්..!!!

:       0       0

Gamage Thursday, 09 April 2020 09:05 AM

රටේ ඉහලම වරිපනම් බදු අනුපාතයක් ඇත්තේ නුවර එලිය නගර සබාවේ... එනමුත් නගර සබාවෙන් වතුරත් නැති, කුණු එකතු කරන්නෙත් නැති පාරවල් එමටයි. කරුණාකර ඒවාටත් පිළියම් යොදන්න .

:       0       0

Sola Thursday, 09 April 2020 09:20 AM

අපි රස්සාවල් නැතිවෙලා ඉන්නවා.මේ අය තවත් ආතල් දාන්න බලනවා.

:       0       0

RIZWAN Thursday, 09 April 2020 09:50 AM

මහත්තයෝ, මේ වසංගත තත්ත්වය දුරු වෙනකම් ඉන්ඩ. එතකොට මුළු රටටම වසන්තය උදා වෙයි.

:       0       0

ravi Thursday, 09 April 2020 10:17 AM

ඕනෑම නම් ඕක ලබන අවුරුද්දේ තියාගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1320 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site