( එම් .සුසිල් ප්‍රියන්ත )
කොරෝනා වසංගතය නිසා සිය බල ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අද (12 ) අම්බලන්ගොඩ නගර සභාව රුපියල් ලක්ෂ හැටපහක් වෙන් කිරීමට පියවර ගත්තේය.
ඒ නගර සභා සභාපති නීතීඥ අරුන ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12 ) පෙරවරුවේ අම්බලන්ගොඩ මහජන පුස්තකාලයීය දෙමහල් රැස්වීම් ශාලාවේ පැවති විශේෂ සභා රැස්වීමේදී මේ තීරණය ගනු ලැබුවේය.
සිය බල ප්‍රදේශයේ ඇති කොට්ඨාස දහතුනනේම අඩු ආදායම්ලාභී පවුල් ආවරණය වන පරිදි මේ සහන ලබාදීමටද මෙහිදී තිරණය කෙරුනු අතර එක් කොඨාසයකට රුපියල් ලක්ෂ පහක් බැගින් මේ රුපියල් ලක්ෂ හැටපහ අම්බලන්ගොඩ නගර සභාව විසින් තීරණය කරන ලදි .
කොරෝනා ඇදිරි නීතිය නිසා නිවසටම කොටුවී සිටින සිය බල ප්‍රදේශයේ ජනතාවට වියලි ආහාර ,එලවලු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ලබා දීමටද මෙහිදී වැඩි දුරටත් මෙහිදී තීරණය කෙරිණ.
2025 නොවැම්බර් මස 04
75
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනාවෙන් පීඩාවුවනට අම්බලන්ගොඩ නගර සභාවෙන් ලක්ෂ 65ක්
de silva Sunday, 12 April 2020 11:43 AM
අනේ මේ බොරු. මේගොල්ල දෙන සහනයක් නැහැ. ඕනේ නම් සහන දෙනවා කියලා කියක් හරි සාක්කුවේ දමාගනීවි. ඔය සභාවේ ඉන්න වැල්ල පැත්තේ ගේ හදාගෙන හිටපු එක මන්ත්‍රී කෙනෙකු දැනට අවරුදු 10-15 උඩදී ගමන් ගියේ පාපැදියෙන්. අද සුඛෝපභෝගී වාහනයක්, බැකෝ යන්තර 2-3 ,ටිපර් කිහිපයක් හිමිකරුවෙක්. කොන්ත්‍රාත්කරුවන්, මේ අය ගැන දන්නෝ දනිති. තම මන්ත්‍රී වැටුපත් සභාවට පරිත්‍යාග කරපු මිචෙල් සර් , සුමනතිලක මහත්මය වැනි පරහිතකාමී දේශපාලකයන් අද පරලොව ගිහින්.එවැනි කෙනෙකු ඔය සභාවේ අද බෙහෙතකටවත් සොයාගැනීමට නැත.