ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල ‘කොවිඩ්-19’ එන්නත්වලට ඉදිරි සති කිහිපය ඇතුළත අවසර ලැබෙනු ඇති බවත් ඉන් පසු ඒවා බෙදාහැරීම ආරම්භ වනු ඇති බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් ඉකුත් දා පැවැසීය.
ඒත් සමඟ මේ වසර තුළදී ජනතාවට ‘කොවිඩ්-19’ එන්නත් ලබාදීම ආරම්භ කළ හැකි යැයි ද ඔහු කීය.
ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල ‘කොවිඩ්-19’ එන්නත් මේ වනවිට සාර්ථකත්වය පෙන්නුම් කර ඇති අතර ඒවා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ අධිකාරියේ අවසරය අපේක්ෂාවෙන් පසුවෙයි.
අදාළ අවසර ලද විගස, පැය 24 ක් ඇතුළත එම එන්නත් බෙදාහැරීම ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇලෙක්ස් අසාර් පැවැසීය.
මෙම එන්නත් ගබඩා කිරීම ශීතකරණ අවශ්‍ය කරන අතර එය සංකීර්ණ ක්‍රියාවලියක් බව පැවසේ. ඇමෙරිකාවේ සියලු දෙනාට මෙම එන්නත ලබාදීමට පියවර ගන්නා බව ද අසාර් කීය.
“අපට සාර්ථක ප්‍රතිඵල අත්පත් කරදුන් සහ ආරක්ෂිත එන්නත් දෙකක් තියෙනවා. එම එන්නත්වලට ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරියේ අවසරය ලැබෙන තෙක් අපි ඉන්නවා. ඒ අවසරය ලැබුණු විගස අපි මේ එන්නත් බෙදාහැරීම ආරම්භ කරනවා. අවසරය ලැබී පැය 24ක් යන්නටත් මත්තෙන් අපි එම ක්‍රියාවලිය ආරම්භ කරනවා” යැයි අසාර් කීවේය.
‘කොවිඩ්-19’ එන්නත් සහ ප්‍රතිකාර කඩිනම් කිරීමේ ඇමෙරිකානු රජයේ පසුගිය සතියේ පැවැති රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු එම කරුණු සඳහන් කළේය.
මේ වසර අවසන් වනවිට මෙම එන්නත් දෙකෙන් මාත්‍රා මිලියන 40ක්, සති හතරක කාලයක් සඳහා වාර දෙක බැගින් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි වාර්තා වේ. ඉන් අනතුරුව සෑම මාසයකදීම එන්නත් මාත්‍රා මිලියන 40 ට වැඩියෙන් නිෂ්පාදනය කිරීමට මෙම සමාගම්වලට හැකියාව ලැබෙනු ඇතැයි ද පැවසේ.
ෆයිසර් සමාගමේ එන්නතට ‘ආපදාවකදී භාවිතය සඳහා වන විශේෂ අවසරය’ ලැබීමෙන් දින 10ක් ඇතුළත මොඩර්නා සමාගමේ එන්නතට ඉදිරි දින 10 ඇතුළත දී අවසරය ලැබෙනු ඇතැයි වාර්තා වේ. ‘ආපදාවකදී භාවිතය සඳහා වන විශේෂ අවසරය’ නිල හා පූර්ණ වශයෙන් ලැබීමට මාස තුනකට ආසන්න කාලයක් යනු ඇතැයි පැවසේ.
තවත් ‘කොවිඩ්-19’ එන්නත් දෙකක දත්ත හා තොරතුරු ඉදිරි සති කිහිපය ඇතුළත ලැබෙනු ඇතැයි ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබිණි.

‘කාට ? කුමන ? ’ එන්නත ලැබෙනවා ද යන්න ගැටලුවක් නොවන බවත් මෙම එන්නත් දෙකම සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘කොවිඩ්-19’ එන්නත් වැඩසටහනේ ප්‍රධානී මොන්සෙෆ් ස්ලාවී පැවැසීය. එන්නත් බෙදාහැරීම ක්‍රියාවලියට රජයේ නිලධාරීන් සහ පෞද්ගලික සමාගම් සූදානමින් සිටින බව ද හෙතෙම කීය.
එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලිය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් වන බව ද ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.
රොයිටර්ස්
055
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆයිසර් - මොඩර්නා බලාපොරොත්තු සහගතව