IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


හෙට දිවයිනටම ඇඳිරි නීතිය


නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට(27) රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත.  

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වන අඟහරුවාදා අලුයම 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.



අදහස් (8)

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

de silva Sunday, 26 April 2020 02:54 PM

නිවාඩු ගොස් සිටින හමුදා නිලධාරීන්ට නැවත කඳවුරට යන්න, මුලුරටටම ඇදිරි නිතිය දමන්න ඕනෙද? වාහන යවල ඔවුන් ගෙන්වාගන්න බැරිද?

:       163       203

සෙනෙවිරත්න Sunday, 26 April 2020 03:32 PM

මෙම හේතුව පිළිගත හැකිද? මෙම නිවාඩු ලබා ඇති සෙබලුන් කඳවුරු වෙත වාර්තා නොකරන හෙයින් මෙහෙයුම් සිදුකර සෙබලුන් අල්ලා කොටුකර ගැනීමට ඉඩ සලසා ගැනීමට දැයි සාධාරන සැකයක් මතුවේ. එය එසේ නම් අබ සරණයි...

:       138       213

චමින්දMonday, 27 April 2020 01:03 AM

මහ මැතිවරණයෙන් බලය ලැබුනාට පසුව සියළු දෙනාටම සිදුවන දේ පෙන්වීමක් කියල කාටවත් හිතෙනවාද?

:       0       0

kosalaMonday, 27 April 2020 10:56 AM

අමන කතා නොකිය ඉන්න කියන්න දෙයක් නැතිනම්... රටට, ජාතියට සේවය කරන්න ගිහින් තමුන් වගේම අමන රැලක් නිසා අගතියට පත් වුන සබැ මිනිසුන්ට මේ වගේ නින්දා කරන්න එපා.

:       36       18

කල්පනා Monday, 27 April 2020 01:22 AM

ඇදිරි නීතිය ඉවත්කල ප්‍රදේශවල අයටත් පුද්ගලික වාහන වලින් ගමන්කිරීමටත් හැදුනුම්පතේ ඉලක්කම් අනුව කටයුතු කලයුතුද? උදාහරණයකින් කියනවා නම් පදිංචි නිවසින් කි.මී.10 ක් දුරින් තිබෙන ඉඩමක දළු නෙලීමට පුද්ගලික වාහනයකින් යායුත්තේද හැදුනුම්පතේ අංක අනුවද. වගා කටයුත්තකට යාමටත් එසේද? පැහැදිලි කරන්න

:       0       0

de silva Monday, 27 April 2020 02:01 AM

සෙනෙවිරතන මහත්මයාගේ කතාවේ යම්කිසි ඇත්තක් තිබෙන්න පුළුවන්..., කොහොම නමුත් තව සති 2-3 යනකොට ඔක්කොම එලි වේවි .

:       0       0

Amarasiri Monday, 27 April 2020 04:02 PM

සුපර් මාර්කට් කරන නින්දිතවූ ගසාකෑම ගැන දුරකථනයෙන් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරීමේදී ඉතා විශාල ලෙස බොරු ගණන් අය කරමින් අපව සූරා කනු ලබයි... පැලවත්තේ රත්නායක මාවත අසල ඇති කීල්ස් ආයතනයෙන් ඇණවුම් කළ පරිප්පු කිලෝවක් ඵම අසුරණයේ මිල සඳහන් ලේබලයේ රුපියල් හැටපහක් යනුවෙන් තිබියදී අවසාන බිලෙහි ඵය රුපියල් 135 කී සහ සැමන් සඳහා සම්මතවූ මිළක් තිබියදී ඵක සැමන් ටින් ඵකක් රුපියල් 192 බැගින් විකුණමින් පාරිභෝගිකයා ඉතා නින්දිත ලෙස ගසා කයි. මෙම තත්වය බොහෝ කීල්ස් සහ සෙසු සුපර් මාර්කට් වලද ඵකසේ සිදුකරමින් පවතී. වගකිවයුතු බලධාරීන් වහා මේ ගැන අවධානය යොමුකල යුතුවේ...

:       0       229

Kumar Monday, 27 April 2020 05:15 PM

හමුදාවේ නිවාඩු අවලංගු කරන්න ඇත්තේ පසුගිය පාර්ලිමේන්තුවේ දේශපාලුවෝ උද්ගෝෂණය කරන්න පටන්ගනී කියල බයට වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site