(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ පිහිටි සියලුම මාළු වෙළදසැල් අද (23) දින වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සහ හැටන් පොලිසියේ නිලධාරීහු කටයුතු කළහ.
පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කිරීම නිසා එම අලෙවිසැල්වල සේවය කරන සියලුම සේවකයින් පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකිරීම සදහා එම වෙළඳසැල් වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කියා සිටියේය.
පෑලියගොඩ මාළු වෙළඳැසැලේ කොවිඩ් 19 වයිසරය අසාධනය වු සේවකයෙකුගේ හැටන් දික්ඔය දරවල වත්තේ පිහිටි නිවසේ සාමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරීමට ආරක්ෂක අංශ නිලධාරීහු සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු ඊයේ (22)කටයුතු කළහ.
පැලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළඳසැල් කිහිපයක්ද අද(23) වසා දමා එහි සේවකයින්ව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හැටන් නගරයේ මාළු වෙළෙඳසැල් වසා දමයි