IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සතොස ගබඩාවන්හි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට නාවික හමුදා සහය

අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කළේය.
 
නව කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ පවතින ඇඳිරිනීති වාතාවරණය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව මහජනතාව අතර බෙදා හැරීම සඳහා රජය විසින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවති.
 
එම භාණ්ඩ එක්රැස් කර බෙදාහරින එ‍‍ඩේරමුල්ල සතොස තොග මධ්‍යස්ථානයෙහි භාණ්ඩ සූදානම් කිරීමේ කටයුතු සඳහා නාවික හමුදාව අද (25) සිය දායකත්වය ලබා දීමට කටයුතු කළේය.
 
 මෙම ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා එහිදී එම කටයුතු සඳහා සහය ලබාදෙන නාවික පිරිස් හට එම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට ද කටයුතු කරන ලදි. 
 
( ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

 



අදහස් (0)

සතොස ගබඩාවන්හි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට නාවික හමුදා සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site