(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත් තුල සත්ව ගොවිපළවල සහ පෞද්ගලිකව හදා ගන්නා සතුන්ට ඇති වන රෝගී තත්වයන් සඳහා ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුල වුවප්‍රතිකාර කිරීමට මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම පශු වෛද්‍යවරුන්ද සූදානමින් සිටින බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී.රාජනායක මහත්මිය අද (25) පැවසුවාය.
විශේෂයෙන් ගවයින් සහ එළුවන් ඇතුළු සතුන්ට වැළඳෙන හදිසි රෝගී තත්වයන්වලදී මෙන්ම පැටව් ප්‍රසූතියේදීද ඇති වන සංකූලතාවයන් සඳහා අවශ්‍ය හදිසි ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍යවරුන් සූදානමින් සටින බවත් එලෙස සතුන්ට හදිසි රෝගී තත්වයක් ඇති වුවහොත් අදාළ ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරින් වෙත හෝ පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙසත් අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාල සීමාවේ වුවද අවශ්‍ය වුවහොත් පොලිසියෙන් අවසරයක් ලබා ගෙන අදාළ ස්ථානයට ගොස් එම සතුන්ටඅවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවත් පළාත් අධ්‍යක්ෂිකා රාජනායන මහත්මිය තව දුරටත් සඳහන් කළාය.
මේ අතර සත්ව ගොවිපළවල් මෙන්ම තනිව සතුන් ඇති කරන ඇතැම් ගොවීන් වර්තමානයේ පවතින කොරෝනා අවදානම නිසා සතුන්ගෙන් ඈත් වී සිටීමට උත්සාහ කිරීම පිළිබඳව අධ්‍යක්ෂවරියගෙන් විමසූ අවස්ථාවේ සඳහන් කළේ මෙතෙක් කෙරෝනා වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝවන බව පමණක් සොයා ගෙන ඇති බවත් එය තව දුරටත් සතුන්ගෙන් බෝවන බවට කිසිදු තොරතුරක් නොමැති නිසාත් සතුන් සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැති බවද පළාත් අධ්‍යක්ෂිකා ආර්.එම්.කේ.පී.රාජනායක මහත්මිය තව දුරටත් සඳහන් කළාය.
2025 නොවැම්බර් මස 17
52
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘‘සතුන්ට ප්‍රතිකාර කරන්න ඕනෑම වේලාවක සූදානම්‘‘
vidya Wednesday, 25 March 2020 10:06 PM
පළාත් අධ්‍යක්ෂිකා රාජනායන මහත්මියනි , ඔබතුමියට ඇතිවුණු කාරුණික මිනිස් ගුණය ලෝකයේ කිසිම කෙනෙක් ගෙන් මේ වනවිට ඇතිවී නැත . ඔබතුමියටත් , ඔබතුමියගේ කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවය ප්‍රණාමය කරමු .