(තිළිණි ද සිල්වා)
මේ වනවිට රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණීම හෙට (08) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
විවිධ කරුණු සඳහා මෙලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයන්ගේ පැමිණීම හෙට (08) අනිද්දා (09) සහ 10 යන තෙදින තුළ අත්හිටුවීමට පියවර ගත් බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.
මේ අතර රටේ පවතින තත්ත්වය මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම ද අද (07) සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.
එසේ වුවද මහජනතාවට අවශ්‍යවන සියලුම බදු සේවා ලබාගැනීම සඳහා සියලුම සේවා මාර්ගගත ක්‍රමය (e - service) ඔස්සේ සපයාගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම පහසුකම් ලබාගැනීම සම්බන්ධ සියලු විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය (www.ird.gov.lk) ඔස්සේ සහ 1944 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබා ගත හැකි බවද දැනුම් දෙයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටත් එන්න එපා කියයි
Wishrama Wednesday, 07 October 2020 08:30 PM
මහජනතාව කොහොමටත් එන්න ඕනෑ නැහැ බොලාලා හරියට වැඩ කරනවා නම්...