IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වේවැල්දෙණියේ පන්සලක හිමිවරුන් 3කට කොරෝනා

(ආනන්ද ඉ ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

වේවැල්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයට අයත් වේවැල්දෙනිය ශ්‍රී බෝධි මළුව විජයානන්දාරාමයේ නේවාසික භික්ෂූන් වහන්සේලා තුන් නමකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද (12) පෙරවරුවේ පැවසීය.

මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල ඊයේ (11) කරන ලද රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂණ වලදී එම භික්ෂූන් වහන්සේලා තුන් නමට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බවද හෙතෙම සඳහන් කළේය.

එම භික්ෂූන් වහන්සේලා තුන් නම ඇතුළුව පසුගිය සති තුන ඇතුළත වේවැල්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් තිස් දෙනෙකු අලුතින් හමු වී ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

වේවැල්දෙනිය කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඒ ඩී ඇස් ලංකාතිලක මහතා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් එම  මහාරස්ථානය ඇතුළුව අලුතින්  වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සිටින අනෙකුත් නිවාස සියල්ලම මේ වනවිට නීරෝධායනය  කර ඇති බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා කීය.

 

 

 

 



අදහස් (0)

වේවැල්දෙණියේ පන්සලක හිමිවරුන් 3කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site