තරංග ගුණරත්න
වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය එළවළු සහන මිලට ලබාදිමට වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රුපියල් ලක්ෂ 12ක් වෙන්කල බව වැලිගම ප්‍රාදේශිය ලේකම් සුමිත් ශාන්ත මහතා පවසයි.
මෙ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධන අරමුදල යටතේ සිදුකරයි . ඒ සදහා එළවළු වර්ග නමයක් කිලෝග්‍රෑම් පහක් සහිත එළවළු බෑගයක් වෙළඳපොළේ සමාන්‍ය මිල රුපියල් 800ක් පමණ වන අතර නමුත් එම එළවළු බෑගය රුපියල් 200ක සහන මිල යටතේ ලබාදිමට නියමිතයෙ.
එය වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 5000 ක් සදහා ලබාදෙන අතර එය අදාල ග්‍රාම නිලධාරි නිලධාරීන් මගින් අදාළ නිවස වෙතම අදාල එළවළු පාර්සල් හෙට ( 26 ) දින ලබාාදීමට නියමිත බව වැලිගම ප්‍රාදේශීය ලේකම් සුමිත් ශාන්ත මහතා පැවැසීය.


2025 නොවැම්බර් මස 17
37
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහන මිලට එළවළු
Walter White Wednesday, 25 March 2020 05:16 AM
එළවලු වර්ග 9ක් කිලෝ 5ක් එක විට ගෙනිච්චත් ඒවා කන්නේ කවුද? ටිකක් අවුල් වගේ, මිනිස්සු ඒ තරම් ගෙනිච්චත් ශීතකරණ පහසුකම් නැතිව සතියක් තියාගන්න පුලුවන්ද? වැඩි කොටස කුණු වෙලා වීසි කරන්නයි වෙන්නේ
ranaWednesday, 25 March 2020 06:42 AM
ළමයෝ, එක එළවලුවක් ග්‍රෑම් 400 ක්ම ණ නේද ? දවසට එක වේලට එක දෙයක් පිසුවත් දවස් 3 ක් නේද ? ෑමදේම විවේචනය කරන්න එපා. හොඳ දේට අත දෙන්න.