IMG-LOGO

වාරියපොළ නාවික සෙබළාගේ මාමන්ඩිය ඇතුළු රිදිමාලියද්දේ නිවාස 7 ක පිරිස් නිරෝධායනයට

( රංජිත් කරුණාවීර)
 
කුරුණැගල, වාරයපොල, හරගම්මන ප්‍රදේශයේ  කොරෝනා ආසාදිතව ඇති බවට හදුනාගත් වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලාගේ බිරිදගේ පියා, අද (24)  දින උදැසන දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත  හමුදා නිළදාරින් විසින් කැදවාගෙන යන ලදී.
 
සෙබලාගේ මාමණ්ඩිය (බිරිදගේ පියා) රිදිමාලියද්ද, තලාවේගම ගම්මානයේ ජීවත් වන අතරතුරදී එලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.  
 
ඒ සමගම එම පුද්ගලයා පදිංචි නිවසේ සියලු දෙනා ඇතුලු නිවාස 07ක පුද්ගලයන් 23 දෙනෙකු, රිදිමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර් යාලයේ ප්‍රධානි වෛද්‍ය අමිල ත්‍රීමාවිතාන මහතා අතුලු මහජන සෞඛ්‍ය පරික්ෂක   දිලංක එදිරිසිංහ මහතා විසින් නිවාස තුලම නිරෝධායන වන ලෙසට නියෝග කෙරිනි.
 
 
කොරෝනා ආසාදිත ලෙස හදුනාගැනුන නාවික හමුදා සෙබලාගේ මාමන්ඩිය පසුගිය කාලය තුළ මාසයකට අධික කාලයක් හමුදා සෙබලාගේ නිවසේ රැදි සිට ඇති අතර ,ඔහු නිවාඩු පැමිණ දින දෙකක්ද ඔහු සමග එම නිවසේ රැදී සිට, පසුගිය    19 වන දින රිදිමාලියද්ද තලාවේගම ගම්මානය වෙත පැමිණ තිබේ.
 
, එලෙස පැමිණිමෙන් අනතුරුව ගම්මානයේ පවුල් 07 ක සාමාජිකයන් සමග ප්‍රිය සම්භාෂණයක් පවත්වා ඇති බවට තොරතුරු අණාවරණය කර ගැනිමට  හැකි වී ඇත. ඒ අනුව එම ප්‍රිය සම්භාෂණය සදහා සහබාගි වු  පවුල් 07ක දරුවන් ඇතුලු පුද්ගලයන් 23 දෙනෙකු නිවෙස්තුලම නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් විසින් කටයුතු කරනු ලැබීය.
 



අදහස් (0)

වාරියපොළ නාවික සෙබළාගේ මාමන්ඩිය ඇතුළු රිදිමාලියද්දේ නිවාස 7 ක පිරිස් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site