IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විදෙස් ණය නියමිත වේලාවට ගෙවා අවසන්

හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (22) පැවැසීය.

මේ වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවීමට තිබූ බවත් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් ගෙවා ඇති බවත් හෙතෙම කීය.

රටේ ආර්ථික තත්ත්වය සහ අභියෝග සම්බන්ධයෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයට එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීමේදී හොඳ වාර්තාවක් පවත්වාගෙන පැමිණි බවත් නියමිත කලට අදාළ ණය ගෙවීම් කළ බවත් ඔහු කීය.

පසුගිය වසර අවසානයේදීත් මේ වසර මුලදීත් රට සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක සංචිතයක් තිබුණු බවත් දේශීය ණය ගෙවීම් සඳහා භාවිත වීමෙන් සංචිත තරමක් අඩු වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.

කෙසේ නමුත් පසුගිය වසරේ සිට කරන ලද සැලසුම් සහ ගත් ක්‍රියාමාර්ගත් හේතුවෙන් සංචිත නිසි ලෙස කළමනාකරණය කරගැනීමට හැකි වූ බවත් එබැවින් අප්‍රේල් මාසය අවසන් වනවිටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට වැඩි විදෙස් සංචිතයක් පවත්වා ගැනීමට හැකි වූ බවත් හෙතෙම කීය.

මේ නිසා ඉදිරියේදී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක විදේශ ණය ද නිසි පරිදි ගෙවීමට හැකි බව ඔහු කීය.

ඉදිරියේදී අවශ්‍ය වන මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟ ආණ්ඩුව සාකච්ඡා කරන බවත් මහ බැංකුව ඉන්දීය මහ බැංකුව ආදී පාර්ශව සමඟ සාකච්ඡා කරන බවත් ඔහු තවදුරටත් කීය. 



අදහස් (1)

විදෙස් ණය නියමිත වේලාවට ගෙවා අවසන්

Aris Saturday, 23 May 2020 11:16 AM

පසුගිය වසර අවසන් වෙනකොට රට සතුව ඇමෙරිකන් ඩොලර් බිලියන 7.5 ක සංචිතයක් තිබුනානම් ඒක යහපාලන ආණ්ඩුවේ ආර්ථික දක්ෂතාවයක්.

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site