(ශාන්ත චන්ද්‍රසිරි)
පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට උඩරට වතුකරයේ නගරවලට පැමිණි වතු කම්කරුවන් අද (23) පස්වරු 2.00 වනවිටත් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටි අයුරු දැක ගන්නට ලැබිණි.
වතු කම්කරු බොහෝ පිරිසකට පැවැති කාලය කළමණාකරණය කර ගැනීමට නොහැකිව මෙම තත්ත්වයට පත්ව සිටි අතර, ඇතැම් පිරිස් ඇඳිරි නීතිය පනවන ලැබු සවස 2.00 පසුවත් නගරවලට පැමිණෙනු දැකිය හැකි විය.
භාණ්ඩ මිලදී ගැනීමට විශාල පෝලිම්වල ගත කිරීමත්, ඇදිරි නීතිය පනවන වේලාවන් නිසි පරිදි වටහා නොගනීමත් හේතුවෙන් වතු කම්කරුවන් මෙම තත්ත්වට පත්ව සිටිනු දක්නට ලැබිණි.
එළඹෙන 26 වන දින දක්වා යළි ඇදිරි නීතිය රජය විසින් පනවන ලද බවත්, ඒ හේතුවෙන් ආර්ථික අතින් දුෂ්කරතාවයට ලක්ව සිටින තමන්ට දින කීපයක් ගත කිරීම දැඩි දුෂ්කරතාවයක් බවද වතු කම්කරුවෝ පවසති.
වතුකරයේ සෑම නගරයක්ම ආවරණය වන පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද යොදවා තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වතුකම්කරුවෝ කබලෙන් ලිපට