IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වැඩිම කොවිඩ් පැතිරීම ගම්පහ: ඊළඟට කොළඹ

(සුජිත් හේවාජුලිගේ)

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ්  පැතිරීම බොහෝ සේ  ඉහළ ගොස් ඇතැයි  කොරෝනා මර්දන  රාජ්‍ය ඇමතිනී  විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

ඊට පසු වැඩිම කොවිඩ්  පැතිරීමක් වාර්තාවන්නේ  කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද ඇය සඳහන් කළාය. ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය  නිසා කොවිඩ්  පැතිරීම මෙලෙස වේගවත් වන්නට ඇතැයි සැක කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  බොහෝ දෙනකුට රෝග ලක්ෂණ  නොමැතිව රෝගය වැළඳීම  මෙවර විශේෂිත ලක්ෂණය බවද  පැවසුවාය.

එලෙස රෝග ලක්ෂණ මතු නොවූවත් වයස්ගත පුද්ගලයන්ට සහ විවිධ ආබාධවලින් පෙළෙන අයට  මෙමගින් මාරාන්තික අවදානමක් මතු කරනු ඇති බවත්  රට සාමාන්‍යවූ හෙයින්  ජනතාවද සාමාන්‍ය ආකාරයට කටයුතු කිරීමට පටන් ගැනීම නිසා කොවිඩ්  පැතිරීම මේ ආකාරයට වේගවත්වූ බවත් ඇය කීවාය.

රෝහල් ගත කෙරෙන කොවිඩ්  රෝගීන් සංඛ්‍යාව සියයට 10 කින්  පමණ වැඩිවී තිබෙන බවත් ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට  8 කින් පමණ වැඩිවී ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

බොහෝ ජනතාව මූලික සෞඛ්‍ය නීති අමතක කර කටයුතු කිරීම කොවිඩ්  පැතිරීමේ වේගය වැඩිවීමට  ප්‍රධාන හේතුවක්වූ බව සඳහන්  කරන  රාජ්‍ය අමාත්‍යවරිය  විශේෂයෙන්ම  මංගල උත්සව කොවිඩ්  පැතිරීම වේගවත් කරන ප්‍රධාන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇතැයිද  සඳහන් කළාය.

පවතින තත්වය යහපත් නැති හෙයින් ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගෙන යාම යනාදී වූ සෞඛ්‍ය නීති පිළිපදිමින් දිගටම කටයුතු කරන්නැයි තමා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන බවද  ඇය පැවසුවාය.



අදහස් (1)

වැඩිම කොවිඩ් පැතිරීම ගම්පහ: ඊළඟට කොළඹ

sharm warn Wednesday, 26 January 2022 12:09 PM

ගම්පහින් තමයි කොවිඩ් ගෙනාවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 16 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site