IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු සපයන පත්ල්වල රැකියා කරන ඉන්දියන් ජාතිකයින් 31 ක් නිරෝධායන  කටයුතු සදහා යොමු කළ බව කල්පිටිය සහකාර සෞඛ්‍ය  වෛද්‍ය  නිළධාරි දම්ශ්‍රී මදුමාල් මහතා පවසයි.
 
නොරොච්චෝල ලක් විජය බලාගාරයට ගල් අගුරු විදේශ නැව් වලින් රැගෙන ඒෙමන් පසුව ඒය බත්තල් මගින් බලාගාර ගල් අගුරු ලබා ගන්නා ස්ථානය දක්වා රැගෙන ඒමට ඉන්දියන් ජාතිකයින් 106 දෙනකු  යොදවා තිබේ.
 
අදාල ඉන්දියන් ජාතිකයින් 106 දෙනා කලක සිට බත්තල් වල රැකියා වල නිරත වෙමින් සිටි පිරිසක් බවත් මොවුන්  විටින් විට නිසි පරික්ෂාවට ලක් කිරිමට කටයුතු කරන බවද සෞඛ්‍ය  අංශ පවසයි .
 
එසේ නමුත් මෙම  පිරිස හදිසියේ 25 අලුයම දක්වා හදිසි පරික්ෂණයකට ලක් කරමින් ශරිර උෂ්ණත්වය මැන බැලිම   ආදී  රැසක් සිදු කල බවත් ඒ අනුවමෙම  පිරිසෙන් 31 දෙනකු දැනට රැදි සිටින ස්ථාන තුලම නිෙරාධායනයට ලක් කළ බවත් කල්පිටිය සහකාර සෞඛ්‍ය  වෛද්‍ය  නිළධාරි දම්ශ්‍රී මධුමාල් මහතා පැවසිය.
 
අදාල කටයුතු සදහා නොරොච්චෝල  මහජන සෛෟඛ්‍ය පරික්ෂක ඇතුළු  කාර්ය මංඩලය ඒක්වි තිබුණි.

 

 



අදහස් (6)

ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

Indhika Saturday, 25 April 2020 12:03 PM

ලංකාවෙ රස්සාවක් කරන්න මිනිහෙක් හොයා ගන්න නැහැ. ඒක නිසා ඉන්දියාවෙන් ගේනව අපි...

:       1       14

vipula Saturday, 25 April 2020 03:19 PM

ඉන්දියන් මිනිස්සු ඇයි වැඩ කරන්නේ? ලංකාවෙ අයට ජොබ් දෙන්න එපැයි...

:       11       23

සජිත් Sunday, 26 April 2020 01:39 AM

දවසකට රුපියල් 500 පඩියට ඔයා පතල් වැඩ කරන්න කැමතිද? එහෙනම් එන්න.

:       1       22

DAMMISunday, 26 April 2020 04:04 AM

ගල් අගුරු සැපයීමට ටෙන්ඩරය ලබාගෙන ඇති සමාගම ඉන්දියානු සමාගමක් නිසා ඉන්දියානුවන් සේවයට යොදවාගෙන ඇත්තේ....

:       0       6

Lankaputha Sunday, 26 April 2020 02:57 AM

චීනෙන් ණය. ඉන්දියාවෙන් කම්කරුවෝ.

:       0       8

lalaithm Sunday, 26 April 2020 08:09 AM

අපිට හතර මහා නිධානෙ පහලවෙලානේ පව්ලකට 5000/= ගානෙ නිකම් බෙදාගෙන යන්නේ. රැකියාවක් නොකරම. චීන, ඉන්දියානු කම්කරුවන් නිකම් වැඩ කරන්නේ නැහැ ඔය කියන රු.500/= කන්න දීල නවාතැන්, වෙනත් පහසුකම් දුන්නම ඔය කියන මිල වගේ 4-5 ගුණයක් යනවා. එත් අපේ ආණ්ඩුවලට කොන්ද පන නැහැ පිටරටවලින් කම්කරුවෝ එන එක නවතා සමෘද්ධි වගේ හිඟන ව්‍යාපෘති වලින් ප්‍රතිලාබ ගන්න අයවලුන් මේ රැකියා වලට යවන්න. හොඳින් හෝ නරකින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site