(තිළිණි ද සිල්වා)
මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් කිහිපයක සිරවී සිටින ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් අඛණ්ඩව සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.
ඒ අනුව විදේශයන් හී නීත්‍යානුකූලව රැඳී සිටීමේ අවස්ථාව හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවත් , ඊට අමතරව ලිඛිත සාක්ෂි සහිත වෛද්‍යමය හදිසි තත්වයන් ද විශේෂ අවස්ථා ලෙස සලකා එවැනි පිරිස්ද නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කරන බවද විදේශ සබදතා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොරෝනා වසංගත තත්ත්වය නිසා සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ කවරකුට ද යන්න අදාල තානාපති කාර්යාල ප්‍රධානියා විසින් එම කාර්යාලයන්හි සේවය කරනු ලබන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් සමග සාකච්ඡා කොට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ක්‍රියා පටිපාටීන් දැඩි ලෙස පිළිපදින්නැයිද විදේශ අමාත්‍යවරයා විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී ඇත.
එම පිරිස් ගෙන්වා ගැනිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගත් බවද හෙතෙම මේ බව කියා සිටියේය.
මෑතකදී කුවේට් රාජ්‍යයෙන් නැවත මෙරටට පැමිණි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත සැලකිය යුතු ලෙස දැනට එල්ල වී තිබෙන පීඩනය පිළිබඳව සැලකිල්ලට ගනිමින්, කොවිඩ් කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර මෙම කාර්යය සිදු කෙරෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී.
ඉදිරියේදී , සියලුම ගුවන් ගමන් වලට පෙර පීසීආර් (PCR) පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව විමර්ශනය කරන බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.
නැවත ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පුද්ගලයින් 42,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති අතර ඉන් 21,000ක් පමණ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින් බව විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනනෙේය.
දැනට ඉහල අවදානමකට ලක්ව සිටින මාලදිවයිනේ සිටින පිරිස් ගෙන්වා ගැනිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බව විදේශ ඇමැති කියයි
rama Sunday, 31 May 2020 08:55 AM
ඔක්කොම රටවල්වල ඉන්න අය අවදානමකට ලක්වෙලා..
de silva Sunday, 31 May 2020 09:32 AM
මාලදිවයිනේ පුද්ගලයින් ගෙන එන්න අර ඉන්දියාව කළාවගේ නැවක් ඇරියා නම් ඉවරයිනේ... ඔවුන් හම්බන්තොට වරායෙන් රට ඇතුළට ගන්න පුළුවන්... ඔවුන් නිරෝධායනය කරන්න පුළුවන් රජයේ ගොඩනැගිලි පහසුකම් එහෙ තිබෙනවා.. වහාම ක්‍රියාත්මක වන්න...
de silva Sunday, 31 May 2020 10:06 AM
දවසකට කීයක් ගෙන එනවද ?
isuru Sunday, 31 May 2020 10:26 AM
බොරලුගොඩ සිංහයා හිටියා නම් දිවි නහගනු නියතයි .