IMG-LOGO

රුසියාවෙන් පැය 24ක් ඇතුළත මරණ 174 ක්

රුසියාවෙන් දිනක් ඇතුළත කොරෝනා වයිරස ආසාදිත මරණ 174ක් වාර්තා වූ බවත් එය දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම මරණ ගණන ලෙසත් සටහන් විය.

ගෙවුණු පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 174ක් වාර්තා වූයේ යැයි ද දිනක් ඇතුළත් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන එය යැයි ද රුසියානු සෞඛ්‍ය බලධාරීහු අද (26) ප්‍රකාශ කළහ. ඒ අනුව රුසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 3,807ක් දක්වා ඉහළ ගොස් ඇත.

රුසියාවෙන් අද (26) පස්වරු 3න් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා ආසාදිතයන් 8,915 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,62,342ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් ගොන්නට රුසියාව ද එක්ව ඇත. මේ වනවිට තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද රුසියාවෙනි.

රටවල් හා පරිපාලන ප්‍රදේශ 220කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ය. වැඩිම ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

අල්ජසීරා

055



අදහස් (0)

රුසියාවෙන් පැය 24ක් ඇතුළත මරණ 174 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 383 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site