IMG-LOGO

රුමේනියාවේදී රැකියා අහිමිවූ ලාංකිකයින් 36 දෙනාට එරට රජයෙන් නව රැකියා

( තිළිණි ද සිල්වා )

සිය රැකියා අහිමිව රුමේනියාවේ බුඩාරෙස්ට් ගුවන් තොටුපළේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සේවකයන් 36 දෙනා සඳහා තව දුරටත් එහි රැදී සිටිමින් නව රැකියාවන් ලබා දීමට එරට කම්කරු අමාත්‍යවරිය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

මීට පෙර මෙම ශ්‍රී ලාංකික සේවකයන්  සේවය කළ ආයතනයේ බොහෝ පිරිසක් කොරෝනා ආසාදිතයින්  බවට සැක කරන බව සොයා ගැනීම හේතුවෙන්, එම ආයතනයේ සේවය කිරීම මෙම පිරිස  ප්‍රතික්ෂේප කිරීමත් සමග ඉකුත් අප්‍රේල් මාසයේදී රැකියා අහිමි  වූහ.

කෙසේ වෙතත් එරට කම්කරු අමාත්‍ය වයොලෙමා ඇලෙක්සැන්ඩෘ මහත්මියගේ මැදිහත් වීම මත යළිත් මෙම ලාංකිකයින්ට නව රැකියාවන් ලැබී ඇති අතර මේ අනුව රොමේනියාවේ රැකියාවල අඛණ්ඩව නියැලීමට හැකි වන පරිදි ශ්‍රී ලාංකික සේවකයින් 36 දෙනෙකුට විකල්ප සේවා යෝජකයෙකු ලබා දී තිබෙන බව ඊයේ  රොමේනියානු රජය පෝලන්තයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.

මෙම කාරණය මිත්‍රශීලීව සමථයකට පත් කිරීමට රොමේනියානු රජය විසින් ගෙන ඇති මෙම ක්‍රියාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශංසාවට ලක් කල බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී

රුමේනියාව සඳහා අක්ත ගන්වා ඇති වෝර්සොහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මෙම ශ්‍රී ලාංකිකයන් සදහා ඉඳුම් හිටුම් පහසුකම් හා වෙනත් අවශ්‍යතා සැපයීම සඳහා රොමේනියාවේ කම්කරු අමාත්‍යාංශයේ හා වෙනත් සංවිධානවල පහසුකම් ලබා ගනිමින් තවදුරටත්  ක්‍රියා කරමින් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (0)

රුමේනියාවේදී රැකියා අහිමිවූ ලාංකිකයින් 36 දෙනාට එරට රජයෙන් නව රැකියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site