IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


රටවල් කිහිපයක් ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සීමා සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ (හුදෙකළා කිරීම) ඇතුළු දැඩි සීමා ලිහිල් කිරීමට රටවල් කිහිපයක් පියවර ගෙන ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන් දිනපතා වාර්තා වන මරණ සහ ආසාදිතයන් ගණන අඩුවීමත් සමඟ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉරානය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

මාස දෙකකට ආසන්න කාලයක් පනවා තිබූ දැඩි සීමා මැයි 4 වැනිදා ඉවත් කරන බව ඉතාලිය නිවේදනය කර ඇත.

කොරෝනා ආසාදිතයන් ඇසුරු කරන පුද්ගලයන් සොයාගැනීම සඳහා ඔස්ට්‍රේලියාව නවතම ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියානුවෝ මිලියන 1.3 එම මෘදුකාංගය තමන්ගේ ජංගම දුරකතනවලට භාගත (ඩවුන්ලෝඩ්) කරගෙන ඇතැයි වාර්තා විය.

වයිරසයේ පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සීමා ලිහිල් කරන්නේ කෙසේදැයි තවමත් වචනයක්වත් කිව නොහැකි යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේය. කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සති කිහිපයකට පසු ඩවුනින් වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසට ඉරිදා රාත්‍රියේ පැමිණියේය. හෙතෙම අද (27) නැවත රාජකාරී ආරම්භ කළේය.

අවසන් පැය 24 දී වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයකු බවත් එබැවින් නවසීලන්තය වයිරසය තුරන් කර ඇති බව තහවුරු වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩ් ආඩෙන් අද (27) පැවැසුවාය. ඒ සති හතරකට වැඩි කාලයක් පනවා තිබූ සිවුවැනි මට්ටමේ අවදානම පහත හෙළන බවත් ඇය කීවාය. නවසීලන්ත කොරෝනා වයිරසයට එරෙහි සටන ජයගෙන ඇති බවත් පුළුල් ප්‍රජාවකට වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බවත් ඇය කීවාය.

මේ තත්ත්වය මත වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ දැඩි සීමා ලිහිල් කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය තවදුරටත් කීවාය.

අල්ජසීරා/ද ගාඩියන්

055



අදහස් (0)

රටවල් කිහිපයක් ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 485 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site