කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 26ක් රැකියා අහිමිවූවන් සඳහා ගෙවන ආධාර ලබාගැනීමට ඉල්ලුම් කර ඇතැයි වාර්තා වේ.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ලොවපුරා මිලියන ගණනකට රැකියා අහිමි වී ඇත. විවිධ රටවල් රැකියා අහිමි වූවන් සඳහා මූල්‍ය ආධාර ඇතුළු විවිධ සහන ලබාදෙන අතර ඇමෙරිකානු රජය ද ඒ සඳහා පියවර ගෙන ඇත. ඒ අනුව මිලියන 26ක් එලෙස ආධාර ඉල්ලා ඇත්තේ ඉකුත් සති පහක කාලය තුළය.
කොටස් වෙළෙඳපොළවල ඇති වූ කඩා වැටීම හේතුවෙන් 1930 වසරේදී ඇති වූ මහ ආර්ථික අවපාතයට පසුව ඇමෙරිකාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය මෙය වනු ඇතැයි ද පැවසේ.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ඇමෙරිකානු සේවකයන් හයදෙනකුගෙන් එක් අයකුට රැකියාව අහිමි වී ඇත.
ව්‍යාපාර සහ රෝහල්වලට සහන දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 500ක සහන පැකේජයකට ද අනුමැතිය ලැබිණි.
අල්ජසීරා
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රැකියා අහිමි වූ ඇමෙරිකානුවෝ මිලියන 26 ක් අධාර ලබා ගැනීමට අයදුම් කරති