IMG-LOGO

මහවැලිසෑය වන්දනාව තාවකාලිකව නවත්වයි

( සිසිර ලලිත් කුමාර )

කොරෝනා වෛරයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන කොත්මලේ මහවැලි මහසෑය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් ගේ පැමිණීම  තාවකාලිකව  නවතා  දැමීමට පියවර ගත් බව කොත්මලේ මහවැලි මහසෑයේ විහාරාධිකාරි බෝපත්තලාවේ පේමානන්ද හිමියෝ  පැවසූහ.
 
කොත්මලේ හරංගල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හමුවීමත් ඔහුගේ ආශ්‍රිතයන් මහ සෑය අවටින් වාර්තා  වීම  සැලකිල්ලට ගෙන මෙම තීරණ ය ගත් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය .
 
මීට දින කිහිපයකට මත්තෙන් කොළඹ  වරායේ  සේවය  කරමින් සිටි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදිත වී කොත්මලේ හරංගල ට පැමිණ ඇත.  පුද්ගලයා ගම්පොළ මාවෙල බස් රථයක නැගී කොත්මලේ ජලාශ වේල්ල අභියස ධාවනයේ යෙදෙන  ත්‍රිරෝද  රථයක  නැගී  සිය නිවසට ගොස් ඇත .
 
එම රියැදුරු මහවැලි පිහිටි කඩදොර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකි.   ඒ හේතුවෙන් එම ත්‍රිරෝද රථ රියැදුරා නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත .
 
මහවැලි මහසෑය නැරඹීමට හා වන්දනාමාන කිරීමට දෛනිකව පුද්ගලයන් පැමිණීම හා ඔවුන්ගේ සෞඛ්‍ය  ආරක්ෂාව සැළකිල්ලට ගෙන මහවැලි මහසෑය වන්දනාමාන කිරීම තාවකාලිකව අත් හිටුවීමට මෙලෙස පියවර ගෙන ඇත.



අදහස් (1)

මහවැලිසෑය වන්දනාව තාවකාලිකව නවත්වයි

විජේ Sunday, 25 October 2020 08:55 AM

ඔච්චර මොලයක් අනික් නායකයෝන්ටත් තිබ්බනං නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site