IMG-LOGO

මැලේසියාව රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මැලේසියාව විසින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
 
මැලේසියාවේ රජු වන අල්-සුල්තාන් අබ්දුල්ලා විසින් නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව දන්වා ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ හදිසි නීතිය අගෝස්තු 01දක්වා බලාත්මක වන බවයි.
 
අග්‍රාමාත්‍ය මුහයිඩීන් යසීන්ගේ ඉල්ලීම පරිදි හදිසි නීතිය පැනවූ බවද හෙතෙම සඳහන් කර ඇත.
 
දැඩි අගුලු දැමීමේ පියවර මගින් මැලේසියාවේ, පසුගිය වසර පුරා කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති නමුත් එම පියවරයන් ලිහිල් කිරීමත් සමග රෝගීන් වාර්තාවීම තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.
 
මැලේසියාවේ මේ වනවිට කොරෝනා රෝගීන් 138,224ක් වාර්තාවී ඇති අතර මරණ 555ක් සිදුවී තිබේ.
 
කෙසේ වුවද බොහෝ විචාරකයින් පවසන්නේ රජු හදිසි නීතිය පැනවූයේ දේශපාලන හේතූන් ඉලක්ක කරගෙන බවයි.
 
හදිසි නීතිය පැනවීමෙන් පසු රජය දුර්වල වන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයාට අවසර ලැබෙයි. එමගින් සුළුතර බලයකින් පත්වී සිටි අග්‍රාමාත්‍යවරයාගේ රජයට බලය තහවුරු කර ගැනීමට ඉඩ ලබාදෙන බව පැවසේ.
 
කෙසේවුවද මේ සම්බන්ධව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මුහයිඩීන් මහතා පවසා ඇත්තේ හදිසි නීතිය පැනවීම යනු හමුදා කුමන්ත්‍රණයක් නොවන බවයි. ඇඳිරි නීතිය බලාත්මක නොකරන බවත් කොරෝනා වසංගතය පාලනය වූ පසු මහ මැතිවරණය පවත්වන බවත් ඔහු පවසා ඇත.
 
හදිසි නීතිය මගින් අතිරේක හමුදා සහ පොලිසිය යෙදවීමට රජයට ඉඩ ලබාදෙන අතර පෞද්ගලික රෝහල් රජයට පවරා ගැනීමට ද හැකියාව ලැබේ.
 
(බීබීසී ඇසුරිණි)

085



අදහස් (0)

මැලේසියාව රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 491 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site