IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන් 160 ක් කොළඹින්

(හර්ෂණ තුෂාර සිල්වා)

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවැසීය.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්, එම ආසාදිතයන් ගැවසුණු ස්ථාන හඳුනාගෙන ඇතැයි ද හෙතෙම එහිදි කීය.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (13) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා එම කරුණු සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමක තිබෙන නමුත් කොළඹ ජනගහනය, තදාසන්න ප්‍රදේශ, කෙටි ඉඩක විශාල පිරිසක් රැඳෙන ස්ථාන හා අවස්ථා වැඩිවීම සහ නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් තිබෙන බව අමතක නොකළ යුතු බව ද වෛද්‍ය ජයරුවන් මහතා කීය.

කොළඹින් ආසාදිතයන් හමු වුවහොත් පැතිරීමේ අවදානම වැඩි යැයි ද වෛද්‍ය ජයරුවන් මහතා මෙහිදී කීවේය.

දැනට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන වැඩි වුවහොත් ඉදිරියේදී දුෂ්කර තත්ත්වයක් මතුවිය හැකි යැයි ද ඔහු තවදුරටත් කීය. 



අදහස් (10)

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන් 160 ක් කොළඹින්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 October 2020 01:41 PM

ඡන්දෙට කලින් නම් ඇඳිරි නීතිය දමා වයිරසය සාර්ථක ලෙස පාලනය කරා. ඒත්, දැන් වැඩේ හරියට කෙරෙන බවක් පේන්නේ නැහැ. බ්‍රැන්ඩික්ස් පොකුර හමුවූ විගස පෙරසේ ක්ෂණික පියවරක් අනුගමනය නොකළේ මන්දැයි ගැටලුවකි. ගරු ඇමැතිණියගේ හා අනිත් සමහර දෙනාගේ සෞඛ්‍ය දැනීම ගැන අපට ඇත්තේ සැකයක්...

:       4       31

ජිත්මි Tuesday, 13 October 2020 02:02 PM

ඔව් ඔව්.. කොළඹට රිදුනම තමයි මේ රටේ පාලකයින්ට රිදෙන්නේ. අනිත් අයට මොනවා වුණත් කමක් නෑ.

:       6       24

de silva Tuesday, 13 October 2020 03:44 PM

දැන් කරන්න තියෙන්නේ හමුදාව යොදමින් බාධක දමමින් මිනිස්සුන්ට කරදර කිරීම නොව කොරෝනා සඳහා තිබෙන රෝහල් සහ නිරෝධායන පහසුකම් දෙතුන්ගුණයකින් වැඩි කරමින් සූදානම් වීමය. ඒකට ඔය චීන මිතුරන්ගෙන් උපකරණ සහ ආධාර ඉල්ලා ගන්න. හමුදාව දමාගෙන කොරෝනා මර්දනය කරන්න ගිහිල්ලා හමුදා බැරැක්ක තුළට කොරෝනා ගියොත් රෝගීන් සංඛ්‍යාව දහස් ගුණයකින් වැඩිවේවි..

:       1       22

Rohana Tuesday, 13 October 2020 04:45 PM

කොරෝනා ලෝක ව්‍යවසනයක් බවට පත්කලේ චීනයයි. චීනය මෙහි වගකීම බාරගත යුතුයි. දැන් ඒ ගැන සද්දයක් වත් නෑ.

:       5       22

peirisWednesday, 14 October 2020 05:02 AM

අම්මෝ.. ලංකාවේ අයිතිකාරයින්ට මුකුත් කියන්න එපා. ලංකාව චීනාට සම්පූර්ණයෙන් විකුණලාම තමයි වර්තමාන පාලකයෝ පස්ස බලන්නේ... අවාසනාව තමයි අපේ මෝඩ මිනිස්සු බොරුවට රැවටිලා ඒ අයට අසීමිත බලයක් දුන්නු එක.. දෙවියන්ගේම පිහිටයි මගේ උපන්බිමට දැන්..

:       1       3

KooralageWednesday, 14 October 2020 06:07 AM

සහතික ඇත්ත... ඒ කාලේ කොන්ඩෙ බැඳපු චීන්නු හැටියට... දැන් චීන්නු ලෝකයේ රටවල් වලට ප්‍රකෝටි ගණන් ණය දීලා. රටවල් අමාරුවේ දාලා. පස්සේ ඒ රටවල් අල්ලගෙන ඉන්නේ. අපේ රටත් දැන් අල්ලලා ඉවරයි. අනේ මන්දා. අපේ දේශපාලකයෝ... මේවා දැන දැන මොනවට චීන්නු ලංකර ගන්නවද මන්දා..? අපේ රටට දෙයියන්ගේම පිහිටයි.

:       0       3

සිරා Tuesday, 13 October 2020 04:47 PM

මාසයක් රට වහලා දැනට ඉන්න කට්ටියගෙන් රෝගය ව්‍යාප්ත වීම නැවැත්තුවොත් නරකද...? මොකද දිස්ත්‍රික්ක අතර එහා මෙහා යන එකෙන් රට වටේට මේක යන්න පුළුවන්.. මොකද අපේ මිනිස්සු මොනවා කිව්වත් සෞඛ්‍ය පුරුදු හරියට කරන්නේ නෑ. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් මෙහෙම ලොක් කරලා පාලනය කළා.

:       4       19

ranjith Tuesday, 13 October 2020 10:00 PM

කල යුත්තේ අපට වැරදුන තැන් හඳුනාගෙන ඉදිරියට මුහුණ දීමයි.

:       1       3

janahitha UAE Wednesday, 14 October 2020 03:36 AM

වැරදුණු තැන බ්‍රැන්ඩික්ස් දරුණු ලෙස පවතින ඉන්දියාවේ ප්‍රදේශයකින් සේවකයින් ගෙන්වීම සහ ව්‍යාපාරික ප්‍රතිලාභ ගැන හිතන ලාංකික මුග්ධ පාලක කළමනාකරුවන් කිනම් හෝ මාර්ගයකින් මෙම සේවකයන් ගුවන් තොටින් මුදවාගෙන නිෂ්පාදනය වැඩිකර ගැනීමට යාම නිසා ආයතනයත්, රටත් විනාශ කරගෙන ඇත.

:       0       3

banda Wednesday, 14 October 2020 07:25 AM

දැන් ලංකාවේ හැමතැනම කොරෝනා පොකුරු. අපි දැන් කොරෝනා වසංගතයට මුහුණ දෙමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 498 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site