(දිලීප් ජයසේකර)
කොරෝනා වයිරස තත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු විදේශ රැකියා සඳහා පිටත්ව යාම නැවත ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය මගීන් 160 දෙනෙකු රැගෙන මත්තල ගුවන්තොටුපොළේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර බලා අද (27) උදෑසන පිටත්ව ගිය බව මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමණාකරු උපුල් කළංසුරිය මහතා පැවසීය.
මියන්මාර් ගුවන් සේවයට අයත් MAI 8M801 වර්ගයේ ගුවන් යානයකින් මෙම පිරිස පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ප්‍රධාන කළමණාකරු සඳහන් කළේය.
මෙම පිරිස දකුණු කොරියාවේ රැකියාවල නිරතව සිට නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටි පිරිසක් බවත් මොවුන් සියළුම දෙනා මාර්තු 10 වෙනි දිනට පෙර මෙරටට පැමිණි පිරිසක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කළමනාකරු කල්‍යානප්‍රිය රාමනායක මහතා පැවසීය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මගපෙන්වීම යටතේ කොරියාවේ සංචාරක ආයතනයක් හා මෙරට සංචාරක ආයතනයක් එක්ව මියන්මාර් ගුවන් යානය මෙම ගුවන් ගමන සඳහා එක්කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබුණි.
මෙම රැකිලාභීන් සියළු දෙනා කොරියාවට ගිය පසු එහිදීද දින 14 ක නිරෝධායනයකට ලක් විය යුතු බව ශ්‍රී ලංකා කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සොක් මහතා පැවසීය.
මෙම මගීන් පිරිස (26) වැනිදා රාත්‍රී 8.30 වන විට මත්තල ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
මේ අවස්ථාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ,කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සොක්,විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය,ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මත්තලින් දකුණු කොරියාව බලා ගුවන් යානයක් පිටත් වෙයි