IMG-LOGO

මුඛ ආවරණ නැතිව ඇඹිලිපිටියට ආ පිරිස් පොලිසියෙන් හරවා යවති

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් අද(24) ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ මුඛ ආවරණ පැළඳ නොපැමිණි කිසිවෙකුටත් නගරයට ඇතුලුවීමට ඉඩ නොදීම හේතුවෙන් බොහෝ පිරිසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට පවා නොහැකි වූ බව මහජනතාව පවසති.
 
මුඛ ආවරණ අනිවාර්ය බව පවසමින් නගරයට ඇතුලුවන මාර්ගවල පරීක්‍ෂාවේ සිටි පොලිසි නිලධාරින් දැනුම්දීම නිසා තමන්ට නගරයට නොගොස් ආපසු පැමිණීමට සිදුවු බවද ඔවුහු කීහ.
 
තම ගම්මානවල මුඛ ආවරණ මිලදී ගැනීමට ස්ථාන නැති බවත් ඒවා මිලදීගන්නට වුවත් ඇඹිලිපිටිය නගරයේ ඖෂධ වෙළෙඳසැල්වලට යායුතු වු  ඔවුහු පැවසූහ. එහෙත් නගර සභා සභාපතිවරයාගේ නියෝගය මත මුඛ ආවරණ නැති කිසිවෙකුටත් නගරයට ඇතුලුවීම තහනම් කරන ලැබීය.
 
පයින් ගමන් කරන අයට පමණක් නොව වාහනවල ගමන් කරන අයට ද ඒ තහනම බලපෑවේය. ඇඹිලිපිටිය නගරය සහ නගරසභා බල ප්‍රදේශයේ වැසියන්ගේ ආරක්‍ෂාවට එවැනි පියවරක් ගත්තා මිස මහජනතාව අපහසුතාවකට පත් කිරිමට එවැන්නක් නොකළ බව නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කළ වීඩියෝ පටයකින් අදහස් දක්වමින් කෝවිඞ් 19 වයිරසය සමාජීය පැතිරිමක් තවමත් දක්නට නොමැති නිසා මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව අවධාරණය කරයි. කෝවිඩ් වයිරසය තවමත් පැතිර යන්නේ සමීපතමයන් අතර පමණක් බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එමගින් අවධාරණය කරයි. නමුත් මුඛ ආවරණයක් පළඳින්නේ නම් එසේ නොකළ යුතුයැයි තමන් නොකියන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.



අදහස් (16)

මුඛ ආවරණ නැතිව ඇඹිලිපිටියට ආ පිරිස් පොලිසියෙන් හරවා යවති

Bandara Tuesday, 24 March 2020 05:44 AM

කොවිඩ් - 19 පැතිරෙන්නේ සමීපවන්නන් අතර බැවින් හා එහි සමාජයීය පැතිරීමක් තවමත් දක්නට නොමැති බැවින් මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඇතැම් ස්ථාන වලට මුඛ ආවරණ නොමැති පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

:       73       82

Mahesh Tuesday, 24 March 2020 05:49 AM

කඩවල මුඛ ආවරණ ඇත්තෙත් නෑ .. අන්තිමට අසරණ වෙන්නේ දුප්පත් මනුස්සයා.. නිවාස වලට කෑම යවන ක්‍රමයක් තමයි කරන්න තිවුනේ මෙහෙම මිනිස්සු අමාරුවේ දාන්නේ නැතුව..

:       1       37

Anton AustriaTuesday, 24 March 2020 06:48 AM

මහේෂ් ඇයි මුඛ ආවරණ කඩෙන් ගන්නේ? කඩෙ දානකම් ඉන්නේ... ගෙදර හදාගන්න පුළුවන් නේද? පරණ රෙදි කෑල්ලක්වත් නැති වෙන්න බැහැ නේද? අපේ රටෙ මිනිස්සුන්ට වුවමනාවක් නැහැ.

:       139       2

Lakshan Tuesday, 24 March 2020 05:52 AM

දේශපාලකයින් විසින් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුගමනය කළ යුතුයි.

:       1       27

kamalTuesday, 24 March 2020 08:20 AM

විශේෂඥයින් විසින් දේශපාලකයින්ගේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි.

:       0       1

kamalTuesday, 24 March 2020 08:20 AM

විශේෂඥයින් විසින් දේශපාලකයින්ගේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි.

:       0       0

Wimal Tuesday, 24 March 2020 05:56 AM

මෝඩ දේශපාලකයෝ දුප්පත් මිනිස්සු . කවුරු හරි මේවා ගැන හොයල බලන්න වේවි...

:       1       20

රත්නායක - ඇඹිලිපිටිය Tuesday, 24 March 2020 06:55 AM

ඔය කියන නගර සභාපති වැඩිකාලයක් පාසල් ගියේ නැහැ. ඊටත් පස්සේ හොර දේශපාලකයෙක් පස්සෙන් ගිහින්... අන්තිමට නගර සභාවට පැනගත්තා. මිනිහා හිතාගෙන ඉන්නේ මහ ලොකුවට... හරි හරි..ඊළඟ ඡන්දෙදි අපි උත්තර දෙන්නම්...

:       1       3

lakmal Tuesday, 24 March 2020 05:59 AM

මෙම නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් බොහොමයක් දෙක ශ්‍රේණිය සමතුන් පමණක් බැවින් මෙවන් අමන ක්‍රියා මෙරටට පුදුමයක් නොවන අතර ඔවුනට ඡන්දය දෙන හරක් ඡන්ද දායකයන්ද මේවා තරමක් හෝ කල්පනා කර ඊළග ඡන්දය භාවිත කිරීම වටී

:       0       62

thushara Tuesday, 24 March 2020 06:00 AM

මුඛ ආවරණ මිලට ගන්නනම් නැහැ තමයි. එත් ගෙදර තියෙන අයින් කරපු ඇදුම් කෑල්ලකින් හරි කම්මැලිකම පැත්තක තියලා මහගන්න පුළුවන්. අපි හැමෝගෙම කැපවීම නැතුව මෙය පරාජය කරන්න බැහැ.

:       8       110

Dayan Tuesday, 24 March 2020 06:03 AM

මේ නගරාධිපති මීළඟ ඡන්දෙදි නැවත පත්කර ගන්නවද?

:       0       4

mihira Tuesday, 24 March 2020 06:04 AM

මොන හරක් කතාවක්ද? ඒ ඔහොම තමයි ඉතාලියත් මුලින් කිව්වේ ...

:       24       59

de silva Tuesday, 24 March 2020 06:10 AM

හරවලා යවන්න නොවේ කරන්න තිබුනේ මුඛ ආවරණ නැති මිනිස්සුන්ට මේවා මිලදී ගන්න අවශ්‍ය කටයුතු සුදානම් කරගන්න එක පොලිසියේ වගකීම..., ඕවා මිලදී ගන්න නැතිනම් , ඕව දුර්ලභ නම් මිනිස්සු ඕවා මවන්නද?

:       0       21

දෙනෙත් Tuesday, 24 March 2020 06:39 AM

සභාපතිගේ නම මාතරආරච්චිද?

:       0       3

wimal Tuesday, 24 March 2020 07:50 AM

ඔකතමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ ... බල්ලාගේ වැඩේ බූරුවා කරන්න බාරඅරගෙන.... අනිල් ජාසිංහ මහත්මය පමණක් නෙවේ, ලෝක සෞක්‍ය සංවිධානයත් පවසනවා කවූද මුඛ ආවරණ පැළදිය යුත්තේ, කුමකටද පැළදිය යුත්තේ කියලා, පමණක් මහත්වරු කියලා තියෙනවා ගෙදර තියෙන රෙදි කෑල්ලකින් මුඛ ආවරණ සකස් කර පැළදගෙන එන්න කියලා ඔවුන් හිතනවා එහෙම කලාම බඩ සුද්දයි කියලා. හරක් රෑලක් කරපු වැඩක් හින්දා මේ රටේ අහිංසකයෝ දුක්විදිනවා.

:       0       6

Dasuni Tuesday, 24 March 2020 07:56 AM

99 දෙනෙක් මුඛ ආවරණ දාලා හිටියත් වයිරසය ආසාදනය වුණු එක්කෙනෙක් නොදා හිටියොත් විෂබීජ ඇස්වලින් පවා ඇතුල් වෙන්න පුළුවන් අර 99 දෙනාටම... රෙදි මහන අයට මහලා විකුණන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැනේ. කීයක් ගියත් අත්‍යාවශ්‍ය දෙයක්...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 94 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 58 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site