(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)
ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා දුම්රියන් දෙකක් ධාවනය කෙරිණි. අලුයම 5.10 බෙලිඅත්තේ සිට මරදාන බලා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ අලුයම 5.20ට සාගරිකා දුම්රිය ගමන් ආරම්භ කිරීමට තිබුණද නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 5.45ටත් සාගරිකා දුම්රිය පෙරවරු 5.55ටත් ගමන් ආරම්භ කෙරිණි.
දුම්රියෙන් යාමට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනාටම දුම්රියෙන් යාමට අවස්ථාව ලබා දීම හේතුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සුළු ප්‍රමාදයක් සිදුවූ බව දුම්රිය කාර්යය මණ්ඩලය පැවසීය. ඒ අනුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මගීන් 112 දෙනකුද සාගරිකා දුම්රියෙන් මගීන් 155 දෙනකුද බෙලිඅත්තෙන් පිටත් විය.
නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉකුත් මාර්තු 20 වැනිදා ගමන් කිරීමෙන් අනතුරුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද දින ගමන් කළේය.
(ඡායාරූප - අනීෂා මානගේ)
====================================================================================
(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට මගීන් රැසක්
gampaha magiya Tuesday, 26 May 2020 03:07 AM
ගම්පහට ඇවිල්ල බලන්න. මගීන් ඉන්නවා. දුම්රිය හොදටම මදි.