IMG-LOGO

බන්ධනාගාරවල තදබදය අඩුකරන්නැයි ⁣ඕමල්පේ හිමියෝ ඉල්ලති

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

කොරෝනා වයිරසය පැතිරයන මේ මොහොතේ බන්‍ධනගාරවල පවතින තදබදය වහා අඩුකර සිරකරුවන්ට වයිරසය ඇතුලූ වීමේ අවදානම වළක්වන්නැයි ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ අද (24) ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා රෝග මර්ධනයට ජනාධිපතිවරයා ඇතුලූ රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග ගැන අතිශය සතුටු වන බව කී සෝභිත හිමියෝ බන්‍ධනාගාර ගතව සිටින සිරකරුවන්ට රෝගය පැතිරයාම වැළැක්වීම සම්බන්‍ධයෙන් ද අවධානය යොමුකරන්නැයි ඉල්ලා සිටියහ.

අනුරාධපුර බන්‍ධනාගාරයේ ඇතිවු සිද්ධිය සැලකිල්ලට ගැනීමෙන් බන්‍ධනාගාරයේ ඇති තදබදය කොරෝනා වයිරසය බන්‍ධනාගාර තුලට ඇතුලූවීම වැළැක්වීමට අවශ්‍ය පියවර වහා ගත යුතුයැයි රජයට අවධාරණය කරන බවද සෝභිත හිමියෝ කීහ.

ඒ සදහා දැනට රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුවන්ට අධිකරණය හරහා ඇප ලබාදී මුදා හැරිමටත්, සිර දඩුවම් නිමවීමට හය මාසයක් ඇති සිරකරුවන් නිදහස් කර සමාජ ගත කිරිම සුදුසු බවත් උන් වහන්සේ යෝජනා කරති.



අදහස් (3)

බන්ධනාගාරවල තදබදය අඩුකරන්නැයි ⁣ඕමල්පේ හිමියෝ ඉල්ලති

mohomed Tuesday, 24 March 2020 08:40 AM

හා නියමයි... හාමුදුරුවනේ... කුඩු කාරයන් ඒළියට යවන්නද හදන්නේ?

:       8       12

kamal Tuesday, 24 March 2020 09:01 AM

පාරේ වැටිලා ඉන්න අසරණ අම්මා කෙනෙකුට වතුර පොදක් දෙන්නේ නැති අය....

:       59       8

Sara Tuesday, 24 March 2020 10:14 AM

අනේ කොහෙද හිටියේ මෙච්චරකල් ? මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවේ ටිකක් කට පියාගෙන ඉන්න. බන්ධනාගාර තදබදය අඩු කරන්න ? ඇයි කට්ටිය පන්සලට එවන්නද කියන්නේ ? රටේ ප්‍රශ්න විසදන්න අපි හොද නායකයෙක් පත් කරලා තියෙන්නේ. ඒවා එතුමා බලාගනියි. ඔබවහන්සේ පන්සල බලාගන්නකෝ.

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 95 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 58 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site