(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් අද (29) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 39 දෙනෙකු හදුනාගත් බවත්,එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
බගවන්තලාව නගරයේ තාවකාලිකව වසා දැමුණු වෙලදසැල් 19 ක ව්‍යාපාරිකයන් සහ වෙලදසැල් සහයකයන් 19 දෙනෙකුට පෙර අසාදිතයන් බවත්,එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් ඉකුත් (27) දින පි.සි.ආර් පරික්ෂණට භාජනය කල බවත්,ඉන් 39 දෙනෙකු නව අසාදිතයන් වශයෙන් හදුනාගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
අසාදිතයන් හැටන් පොඩයිස් වත්ත , බගවන්තලාව කොටියාගල වත්ත , ආරියපුර ඇතුළු වතු හතක සිටින බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
නව අසාදිතයන් 39 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමටත් අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
තාවකාලිකව වසා දැමු බගවන්තලාව නගරයේ වෙලදසැල් විෂබිජහරණය කර වෙනත් සේවකයින් යොදා වෙලදසැල් විවෘත කිරිමට උපදෙස් ලබාදුන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
බගවන්තලාවෙන් අසාදිතයින් 39 ක්