IMG-LOGO

පොලිස් කාන්තාවන්ට සහනයක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගර්භනී තත්වයේ පසුවන හෝ වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්ට රාජකාරියට වාර්තා කිරීමකින් තොරව නිවසේ රැදී සිටීමට අවසර ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද පැවසීය.

''ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් පත්‍රිකාවක් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 2 වඩා අඩු  දරුවන් සිටින පොලිස් නිලධාරිනියන්  සහ  ගර්භණී තත්වයේ පසුවන පොලිස් නිලධාරිනියන් බස්නාහිර පළාත තුළ පදිංචිව හෝ බස්නාහිර පළාතේ යම් පොලිස්  ස්ථානයකට ,  කාර්යාලයකට අනුයුක්තව සිටිනවා නම් ඔවුන්ට,  හුදෙකලා කරන ලද වෙනත් ප්‍රදේශයක පදිංචි හෝ එම ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකට අනුයුක්ත  නම්  කාන්තා නිලධාරීන්ට මෙම සහනය ලැබෙනවා.

ඔවුන් පොලිස් ස්ථානය  වෙත රාජකාරි සඳහා වාර්තා කිරීම අවශ්‍ය වන්නේ නැහැ.ඔවුන්ට  නිවසේ රැදී සිටීමට පුලුවන්.

එලෙස රැඳී සිටියත් ඔවුන්ට ලැබීමට නියමිත වැටුප් දීමනා ඒ ආකාරයෙන්ම ලබාදීමට තීරණය කර තිබෙනවා ආයතන සංග්‍රහයේ  ඇති ප්‍රතිපාදන අනුව.

බස්නාහිර පළාත් තුළ කොවිඩ් ව්‍යාප්තිය දක්නට ලැබෙනවා.ඒවගේම හුදෙකලා කරන ලද ප්‍රදේශවලට කොවිඩ් ව්‍යාප්තිය දක්නට ලැබෙනවා.කාන්තා නිලධාරීන් යම් ආකාරයක  ආසාදිත තත්ත්වයට පත්වුවහොත්, විශේෂයෙන් ගර්භනී තත්වයේ සිටියදී ඒ වගේම කුඩා දරුවන් සම්බන්ධයෙන් සලකා බලා කාන්තා පොලිස් නිලධාරීනියන් සඳහා  මේ සහනය ලබාදීමට පොලිස්පතිතුමා තීරණය කර තිබෙනවා'' යයි  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

පොලිස් කාන්තාවන්ට සහනයක්

Raveendra Monday, 09 November 2020 04:22 PM

අප මෙම තීරණය හදවතින්ම අගය කරන්නෙමු..

:       1       4

maalinee Tuesday, 10 November 2020 07:33 AM

ඔව්, මේ පොලිස් කාන්තාවන්ගෙන් දෑවැද්ද බලාපොරොත්තු වන හැම මනාලයෙක්ම සිරගත කළ යුතුයි...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 25 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 662 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site