(අධිකාරි මුදියන්සේ)
රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ රැකියා සඳහා යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට අද (26) උදෑසන විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට ලැබිණි.
වෙනදාට වඩා වැඩි පිරිසක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා සඳහා පිටත්ව යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ සිටි අතර දුම්රියේ ගමන් කිරීම සඳහා මගීන් 305 ක් ලියාපදිංචි වී සිටි බව දුම්රිය කාර්ය මණ්ඩලය පැවසීය.
එහෙත් දුම්රිය ස්ථානය වෙත මගීන් 600 කට අධික පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් විශේෂ දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු කෙරිණි.
ඒ අනුව පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා දුම්රියන් දෙකක් ගමන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට විශාල මගින් පිරිසක්