IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පෙරියකාඩුවේ ස්වයං නිරෝධායනය වූ 310 ක් පිටව යති

 

සිතුම් චතුරංග

විදේශගතව සිට මෙරටට පැමිණ වවුනියාව පෙරියකාඩු යුද හමුදා කඳවුරේ දී හා වෙල්ලන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ දී සාර්ථකව නිරෝධානය අවසන් කළ 310දෙනෙක් අද (31) සිය ගම්බිම් බලා පිටත්ව ගියහ.

වවුනියාව පෙරියකාඩු යුද හමුදා කඳවුරේ පුද්ගලයින් 104 දෙනකු හා වවුනියාව වෙල්ලන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ 206 දෙනක් මෙලෙස දින 14 කාලයක් නිරෝධායනය අවසන් කොට පිටත්වූහ.

පිටත්වූවන් අතර බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක විදේශිකයින් සිව්දෙනකු වන බව යුද හමුදාව පැවසීය.

මෙම පිරිස එංගලන්තය, ලන්ඩන්, නෝර්වේ හා ප්‍රංශයේ සිට පැමිණි පිරිස් වන අතර ඔවුන් පසුගිය 16 වැනිදා මෙරටට පැමිණ ඇතැයිද පැවසීය.

වෙල්ලන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ සිටි පුද්ගලයින් 206 දෙනා මෙරට ගුවන් හමුදා කඳවුරකදී සාර්ථකව නිරෝධායනය අවසන්කළ ප්‍රථම කණ්ඩායම වේ.

විශේෂ හමුදා ආරක්ෂාවක් යටතේ නිරෝධායනය අවසන් කළ පිරිස යුද හමුදා හා ගුවන් හමුදාව අයත් බස් රථ හා වෑන් රථ යොදාගනිමින් නිවාස වෙත පිටත් කිරීම සඳහා කටයුතු යොදාතිබිණ.

යුද හමුදාව පැවසූයේ මෙම පිරිස් සෞඛ්‍ය අංශයන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්වු පිරිස සෞඛ්‍ය උපදෙස් මත දින 14 ක නිරෝධායනයෙන් අනතුරුව එලෙස නිවෙස් වෙත පිටත් කරන පිරිස් යළිත් දින 14ක් නිවෙස් වල ස්වයං නිරෝධායනයට යොමුවන ලෙසටද උපදෙස් දී ඇති බවත්ය.

මොවුහු වවුනියාව , මුලතිව්, යාපනය , කුරුණෑගල, කොළඹ , මාතර හා ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත සමුදීම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි , වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඩි.සි.අයි වීරසූරිය යන මහත්වරුන් ඇතුළු යුද හමුදා හා ගුවන් හමුදා නිලධාරීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.
 



අදහස් (0)

පෙරියකාඩුවේ ස්වයං නිරෝධායනය වූ 310 ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 107 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site