IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 514 ක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝග ආසාදිතයින් පැය 24 ක කාලය තුල 514 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් එම කාලය තුල කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 100 දෙනෙකු වන වැඩි පිරිසක් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

අද (30) උදෑසන වනවිට ගතවූ පැය ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම, දොම්පෙ  - 48 ක්,  වත්තල  - 46 ක්,  මිනුවන්ගොඩ  - 43 ක්,  කටාන  - 41 ක්,  මීරිගම  - 40 ක්,  බියගම - 38 ක්,  ගම්පහ සහ මහර කොට්ඨාසයන්ගෙන් - 30 දෙනෙකු බැගින්,  මීගමුව  - 26 ක්,  සීදූව  - 23 ක්,  රාගම  - 22 ක්,  දිවුලපිටිය  - 15 ක් සහ අත්තනගල්ල  - 12 දෙනෙකු වශයෙන් සිදුව ඇත.  

අද වන විට කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හමුවීම 52,061 දෙනෙකු වශයෙන් සදහන්ව තිබූ අතර පැය 24 ක කාලය තුල ආසාදිතයින් 241 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මින් 74 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානට ඇතුලත් කොට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 45 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකින් - 32 ක්,  බියගමින්  - 5 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකු වශයෙනි.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,099 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3,17,047 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

 

 

 

 

 



අදහස් (0)

පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 514 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site