කොරෝනා ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව අද (07) සිට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම සඳහා අවශ්‍ය මූලික සැළසුම් සකස් කෙරුන අතර, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහිදී ආසාදිතයන් වාට්ටු සංකීර්ණයට රැගෙන ඒමේ සිට ප්‍රතිකාර ලබා සුව වන තෙක් සෞඛ්‍ය සේවාවන් සැපයීම හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබදව මූලික සැළසුම් සකස් කෙරිණි.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වාට්ටු සංකීර්ණ 03 ක් තුළ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා ඇදන් 400 ක් වෙන් කොට ඇති අතර, වාට්ටු සංකීර්ණ සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඉදිරි පියවර පිළිබද සාකච්ඡාවක් ද පවත්වන ලදි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නෙවිල් ප්‍රනාන්දු රෝහලත් කොවිඩ් හා සටනට බසී
siri Wednesday, 07 October 2020 02:16 PM
කෝ මේ රෝහල ගැන මැරෙන්න දඟලපු දොස්තර සංගමය?