IMG-LOGO

නාවලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල දෙයි

(රංජිත් රාජපක්ෂ)                      

කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග නාවලපිටිය මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් මත නාවලපිටිය නගරයේ සුපිරි වෙළඳසැල් සංකිර්ණයේ වෙළඳ සංගමය විසින් නිර්මාණය කරන ලද ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් අද(24)  එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජානක සෝමරත්න මහතා වෙත ඔවුහු භාරදෙනු ලැබුහ.
 
නාවලපිටිය මහ රෝහලට ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල රෝහල් ගණනාවක සිට දිනකට රෝගීන් විශාල සංඛ්‍යාවක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන අතර, රෝගීන් විශාල සංඛ්‍යාවක් නේවාසිකවද ප්‍රතිකාර ලබයි.
 
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගීන්  මුලින් ඇතුළත් කරනු ලබන්නේ නාවලපිටිය මහ රෝහලටය.
 
නාවලපිටිය මහ රෝහලට නිර්මාණය කරන ලද ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීමේ අවස්ථාවට රාජ්‍යය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද එක්වූයේය. අමාත්‍යයවරයා විසින් රෝහල ඇතුළු නාවලපිටිය ප්‍රදේශයේ රාජ්‍යය ආයතන ගණනාවකට විෂබීජහරණ උපකරණ කට්ටල කිහිපයක්ද බෙදා දෙන ලදී.



අදහස් (0)

නාවලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 97 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 60 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site