(නිමන්ති රණසිංහ)
නිරෝධායන නිති උල්ලංඝනය කරමින් මුඛ ආවරණ භාවිත නොකිරීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම පිළිබද වැරදි සිදුකළ 373ක පිරිසක් අද (26) දින අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කයන් හි පැවැති ඇදිරි නිතිය ඉවත් කර දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට සමඟාමීව බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 114ක පොලිස් නිලධාරීන් කුඩා කණ්ඩායම් වශයෙන් යෙදවා සිදුකළ පරීක්ෂාවලින් මෙම පිරිස් අත්අඩංගුවට ගනු ලැබූ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.
මෙහිදී, මුඛ ආවරණ භාවිත නොකිරීම සම්බන්ධයෙන් 327 දෙනකු සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් 46 දෙනකු වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන නීතීන් උල්ලංඝනය කිරීම යටතේ ඉදිරියේදී අධිකරණ කි‍්‍රයා මාර්ග ගැනීමට නියමිතව ඇති බවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන් මහතා වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නීරෝධායන නීති කැඩු 373ක් අත්අඩංගුවට