IMG-LOGO

දඹුල්ල මහ නගරසබේ සෞඛ්‍ය කම්කරුවෝ දෛනික වැටුප පරිත්‍යාග කරති

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය  කම්කරුවන් 64 දෙනෙකු  තම  දිනක වැටුප  කොවිඩ් 19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීම අද( 26) දඹුල්ල සති පොළ භූමියේදී සිදු කළහ.
 
මෙම සෞඛ්‍ය කම්කරුවන් සහ කම්කරු සේවිකාවන් දිනක වැටුප මේ ආකාරයෙන් කොවිඩ් අරමුදලට ලබාදීමට මීට සති කීපයකට පෙර තීරණය කොට තිබූ බව  ඔවුහු පවසති .
 
මෙම  අරමුදල සඳහා විශාල දානපතියන් විවිධ මිල ගණන් පරිත්‍යාග කිරීම සිදු කරද්දී පළාත් පාලන ආයතනයක පහළම සේවකයන් ලෙස සැලකෙන එහෙත් සුවිශාල වූ කාර්යභාරයක් නගරයක් වෙනුවෙන් ඉටු කරන මෙම සෞඛ්‍ය කම්කරුවෝ රට වෙනුවෙන්  එක දිනක වැටුප පරිත්‍යාග  කිරීම සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ තම සේවකයන්ගේ දිනක වැටුප නාගරික කොමසාරිස්වරයා සහ නගරාධිපති ජාලිය ඕපාත නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර  මහත්තුරු වෙත ලබාදීම සිදුකළ බව වැඩ පාලක චන්න  ඕපාත මහතා පැවසීය.
 
මෙහිදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ කම්කරුවන් ලෙස සේවය කරන පිරිස දිවයිනේ ප්‍රථම වතාවට කොවිඩ් අරමුදල සඳහා දිනක වැටුප පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බවයි.
 
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය කම්කරුවන් කියා සිටියේ තම සහෝදර කම්කරුවන් ඒකරාශී වී මෙම අරමුදලට තමන් වෙනුවෙන් යමක් කිරීම සඳහා යෝජනා කරගත් බවත් ඒ අනුව හිත සතුටින් මෙම මුදල රජය වෙත පරිත්‍යාග කිරීම සිදුකළ බවය.



අදහස් (0)

දඹුල්ල මහ නගරසබේ සෞඛ්‍ය කම්කරුවෝ දෛනික වැටුප පරිත්‍යාග කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site