(විනීතා එම් ගමගේ)
මිනුවන්ගොඩ කොරෝනා පොකුර වාර්තා වීමෙන් පසු ඉකුත් පස්වැනිදා සිට මේ දක්වා පී.සී.ආර්. පරික්ෂණ 26000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
පී.සී.ආර්. පරික්ෂණයක් සිදුකරන්නේ එකී ආශ්‍රිතයා, රෝගියෙකුට නිරාවරණය වූ අයෙකුගේ බීජෝෂ්ණ සමය සළකා බලා යැයි ද එය දින දෙක සිට දහය දක්වා කාලය තුළ සිදුවන බැවින් සුදුසුම දිනයක එය සිදුකරන්නේ රෝගියාගේ තොරතුරු විමසීමෙන් අනතුරුව ගන්නා තින්දුවකින් පසුව යැයි ද වෛද්‍ය සමරවීර කියා සිටියේය.
එසේ ආසාදිතයන් යැයි සැකකරන පුද්ලයන් පිළිබඳ නිසි අවස්ථාවේ දී පරික්ෂණ සිදු නොකළහොත් පරික්ෂණයේ ප්‍රතිඵලය වෙනස් විය හැකි බවද ශරිරය තුළ වයිරසය තිබිය දී පවා එසේ නොමැති බවට ප්‍රතිපල ලැබෙන්නට ඉඩකඩ ඇතැයි හෙතෙම සඳහන් කළේය.
එබැවින් ගම්පහ ආශ්‍රීතයන් හඳුනාගත් වහා පී.සී.ආර්. පරික්ෂණයක් සිදුනොකිරීම පිළිබඳව කළබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි අධ්‍යක්ෂවරයා ආසාදිතයෙකුට නිරාවරණය වී යැයි සැක කරන හෝ එවැන්නෙක් ඇසුරු කර ඇති අයෙක් වේ නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ අනුව අවශ්‍ය පියවර සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන බවත් සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දින 5 ට පී.සී.ආර්. පරික්ෂණ 26000ක්
MO77 Sunday, 11 October 2020 02:31 PM
කොවිඩ් -19 රෝගීන් නොදන්නා සම්බන්ධතා ඇති පුද්ගලයින් සහ කොවිඩ් -19 සඳහා සමාන රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සිටී. එබැවින් අහඹු පරීක්ෂණ අවශ්‍ය වේ.