IMG-LOGO

දකුණු කොරියාව නැවතත් වයිරස පාලන සීමා පනවයි

නව කොරෝනා වයිරස පොකුරු කිහිපයක් හඳුනාගැනීමත් සමඟ නැවත වරක් වයිරසය ව්‍යාප්ත වීමට පාලනය කිරීම සඳහා සීමා පැනවීමට දකුණු කොරියාව අද (28) පියවර ගත්තේය.

‘කොවිඩ්-19’ වසංගතය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටක් ලෙස පිළිගැනුණු දකුණු කොරියාව වසංගතය පාලනය කිරීමේ ගෝලීය ආදර්ශ මොඩලයක් ලෙස ද හඳුනාගැනිණි. කෙසේ නමුත් මාස දෙකකට ආසන්න කාලයකට පසුව ඊයේ (27) කොරෝනා ආසාදිත විශාලම පොකුර හඳුනාගත් අතර එහිදි වයිරස ආසාදිතයන් 40 දෙනකු හඳුනාගෙන තිබිණි.

දකුණු කොරියාවේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරීමට පටන් ගැනීමත් සමඟ මෙලෙස නව ආසාදිත පොකුරු හඳුනාගෙන තිබේ. අලුතෙන් හඳුනාගත් ආසාදිතයන්ගෙන් බොහෝදෙනකු සෝල් අගනුවරට අයත් මෙට්‍රෝපොලිටන් කලාපයෙන් හඳුනාගෙන ඇති අතර මේ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් අවදානමට පත්ව ඇත.

දකුණු කොරියානු බලධාරීන් මැයි 6 වැනිදා සිට සමාජ දුරස්ථභාවයට අදාළ නීති ලිහිල් කිරීමට පියවර ගත් අතර නව ආසාදිත පොකුරු හඳුනාගැනීමත් සමඟ නැවත එම නීතීරීති පැනවීමට එරට බලධාරීන්ට සිදුව ඇත.

කොරෝනා වයිරසය පාලනය කිරීමට ගෙන ඇති නව නීතිරීති හේතුවෙන් හෙට (29) සිට කෞතුකාගාර, උද්‍යාන හා කලාගාර යනාදිය සති දෙකකට වසා දැමෙන බව පාර්ක් නන්ග් හෝ පැවැසීය. මීට අමතරව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම තවත් නීතිරීති රැසක් හඳුන්වා දී තිබෙන අතර සේවා කිරීමට පහසු වේලාවක් සේවකයන්ට නැවත ලබාදෙන්නැයි ද දකුණු කොරියානු බලධාරීන්ට එරට සමාගම්වලින් අවධාරණයෙන් ඉල්ලා ඇත.

‘නිරෝධායන ක්‍රියාමාර්ග සියල්ල නැවත ක්‍රියාත්මක කරනවා. ඒවා දැඩිව ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන නීති සිකුරාදා සිට ජූනි 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා’’ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

එක්රැස්වීමෙන් වැළැකී සිටින්නැයි ද ජනාකීර්ණ ස්ථානවලට ගමන් කිරීමෙන් වැළැකී සිටින්නැයි දකුණු කොරියානු බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා ඇත. අවන්හල්, බීමහල්වලට යෑම අඩු කරන්නැයි ඉල්ලා ඇති දකුණු කොරියානු බලධාරීන් ආගමික ස්ථානවල වැඩි විමසිල්ලෙන් පසුවන්නැයි ද නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි ද ඉල්ලා ඇත.

දකුණු කොරියාවෙන් අද (28) නව කොරෝනා වයිරස ආසාදිතයන් 79 දෙනකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 11,344ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර එරටින් වාර්තා වූ වැඩිම ගණන 81ක් විය. එම පිරිස වාර්තා වූයේ අප්‍රේල් 5 වැනිදාය .

ඒ.එෆ්.පී. 

055



අදහස් (0)

දකුණු කොරියාව නැවතත් වයිරස පාලන සීමා පනවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site