IMG-LOGO

දංකොටුවෙන් කොරෝනා අසාදිතයෝ දෙදෙනෙක්

(හේමලතා ඩී හේවගේ)                                           
 
දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් මාවතගම සහ දකුණු ගෝනවිල යන ප්‍රදේශවලින්ද කොරෝනා ආසාධිත රෝගීන් දෙදෙනෙකු අද (11) වාර්තාවී ඇති බව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
 
මෙසේ ආසාදිතයන් බවට තහවුර වූයේ මාවතගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සහ දකුණු ගෝනවිල දොඹගහවත්ත පදිංචි 21 හැවිරිදි තරුණයෙකු වන අතර එම තරුණයාගේ පියාගේද පී සි ආර් පරීක්ෂණ සිදුකර ඇති බවද සඳහන්වේග කෝරෝනා ආසාදිත රෝගීන් දෙදෙනා වෛද්‍ය ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමුකර ඇත.

 දිවුලපිටිය ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වීමෙන් මාවතගම තරුණයාට ඵම රෝගය වැළඳී ඇති බවත් ගෝනවිල තරුණයා කටුනායක ඇඟලුම් කම්හලක සේවයේ යෙදීසිටියදී මෙම රෝගය වැළදෙන්න ඇති බවද පැවසේ .
 
 මෙම ආසාදිතයන් ඇසුරුකල පවුල් 10 ක පුද්ගලයන් 35 ක් මේවනවිට නිවෙස් තුල ස්වයං නිරෝධායනය කර ඇති අතර අවශ්‍යතාවය අනුව ඔවුන්ගේ පී සි ආර් පරීක්ෂණ සිදුකරන බවද එම කාර්යාලය පවසයි.
 
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කිත්සිරි යාපා මහතාගේ උපදෙස් මතල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ,  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන අසේල හේරත්, රුචිර අමරසිංහ යන මහත්වරුන් මෙම පිරිස් නිරෝධායනය සඳහා යොමු කළහ.



අදහස් (1)

දංකොටුවෙන් කොරෝනා අසාදිතයෝ දෙදෙනෙක්

රසිත Sunday, 11 October 2020 04:10 PM

මෙහෙ අයට ඕව මොනවාද?? මේ පන්සල්වල ලොකු පිංකමුත් කෙරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site