(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 46 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (6) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,742 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ මැයි 17 සිට ජූනි 5 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 23 ක් සහ පිරිමි අය 23 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් 13 දෙනකු නිවසේදී මියගොස් ඇති අතර දෙදෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
වැලිගම, කින්නියා, වේයන්ගොඩ, කළුතර, හැටන්, අක්මීමන, ගිංතොට, ගාල්ල, යක්කලමුල්ල, කොළඹ 14, කොළඹ 15, අගලවත්ත, මීරිගම, පිටකෝට්ටේ, රත්ගම, නාගොඩ, හික්කඩුව, උඩතලවින්න, අඹේපුස්ස, මඩකලපුව, අල්ගම, බොරැල්ල, නුවරඑළිය, අවිස්සාවේල්ල, නිට්ටඹුව, මුරුතලාව, අකුරණ, ගල්එළිය, ගෙලිඔය, ඕපනායක, වවුනියාව, බම්බලපිටිය, ගම්පහ, නාවුත්තුඩුව, පස්සර, පිළිමතලාව, ගුරුදෙණිය සහ ගම්පොළ යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මෙම මරණවලට හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් කොරෝනා මරණ 46 ක්