IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තවත් එන්නතක් සායනික අත්හදා බැලීම් අරඹයි

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පළමු තැනැන්තාට සායනික අත්හදා බැලීම්වල තිබෙන සිය එන්නත ලබාදුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ තවත් ඖෂධ සමාගමක් වන ‘ඉනවියෝ’ ඖෂධ සමාගම අද (7) නිවේදනය කළේය.

‘ඉනවියෝ’ ඖෂධ සමාගම සිය ‘කොවිඩ්-19’ එන්නත ‘අයි.එන්.ඕ.-4800’ (ඉනෝ 4,800) යනුවෙන් නම් කර ඇත.

එම එන්නත මේ වනවිට එහි සායනික අදියරවලට පැමිණ තිබෙන අතර අධ්‍යයන තුනකින් සමන්විත මෙම අදියරේ දෙවැනි සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇතැයි එම සමාගම සඳහන් කළේය.

ඒ අනුව වයිරස අවුරුදු 18 හෝ ඊට වැඩි පිරිස්වලට එන්නත ලබාදෙන බවත් මේ වනවිට ඒ සඳහා 400 කට වැඩි පිරිසක් ඊට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇතැයි ද එම සමාගම නිවේදනය කළේය.

ඉනවියෝ සමාගමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මූල්‍ය අනුග්‍රහය දක්වයි. මේ මාසය අවසන් විට සායනික අදියරේ දෙවැනි අධ්‍යයන කොටස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම සඳහන් කළේය.

තවදුරටත් දත්ත හා තොරතුරු අවශ්‍ය බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම එන්නතේ සායනික අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේ ය.

(රොයිටර්ස්)


055



අදහස් (0)

තවත් එන්නතක් සායනික අත්හදා බැලීම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site