කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව මාර්තු 26 වනදා සිට රටපුරා හදිසි තත්ත්වය බලපැවැත්වෙන බව තායිලන්ත බලධාරීහු පවසති.
මැලේසියාවෙන් පසු කළාපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව තායිලන්තයෙන් වාර්තා වන අතර අඟහරුවාදා(24) ආසාදන 106ක් වාර්තා වීමෙන් පසු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 827ක් දක්වා ඉහෙළ ගියේය.
කොරෝනා වයිරස රෝගයෙන් තායිලන්තයේ මේ වනවිට 4දෙනකු මියගොස් ඇත.
අගමැති ප්‍රයූත් චාන් ඕචා මහතා කියා සිටියේ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත බලතල සම්බන්දව පසුව ප්‍රකාශයට පත්කරන බවයි. අවශ්‍ය වුවහොත් මාධ්‍ය වාරණය කිරීම හෝ වසා දැමීම සිදුකරන බව ද හෙතෙම පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
37
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි